කොවිඩ් 19 වෛරස් තත්වය හේතුවෙන් රට තුළ ඇති වි තිබෙන තත්වය සැලකිල්ලට ගනිමින් අප්‍රේල් 25 වැනි දින පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමෙන්තු මැතිවරණය කල් දැමීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.
මේ අනුව අප්‍රේල් 26 වැනි දින සිට දින 14 කට පසු දිනයකදී මැතිවරණය පැවැත්වෙන බවත්, මේ අනුව මැතිවරණය පැවැත්වීම මැයි, ජූනි, ජූලි දක්වා කල්ගතවිය හැකි බවත් සභාපතිවරයා සඳහන් කළේය.
පාර්ලිමෙන්තු මැතිවරණයට අදාළ නාමයෝජනා භාරගැනිම ඊයේ (19දා) දහවල් 12ට අවසන් වු බවත්, සැලකිය යුතු නාම යෝජනා ප්‍රමාණයක් ප්‍රතික්ෂේප වි තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි ඒ මහතා, ” මැතිවරණ කොමිෂන් සභාව වෙත අද හෝ හෙට සියලුම දිස්ත්‍රික්ක වලින් පිළිගත් නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වූ නාමයෝජනා අයත් අංක හා ඡන්ද මධ්‍යස්ථාන පිළිබඳ තොරතුරු ලැබෙනවා.
1981 අංක 1 පාර්ලිමෙන්තු මැතිවරණ පනතේ විධිවිධාන අනුව මැතිවරණ කොමිෂන් සභාව විසින් එහි සඳහන් විසිහතර එක වගන්තිය යටතේ චන්ද විමසීමේ දැන්වීම හැකි වහාම ප්‍රසිද්ධ කළ යුතුව තිබෙනවා.
එම දැන්වීම අපි විශ්වාස කරනවා අපිට ප්‍රසිද්ධ කරන්න වෙන්නේ මෙම සතියත් අවසන් වෙලා ලබන සතියේ සඳුදා. විසි හතර එක දැන්වීමේ අපි ප්‍රසිද්ධ කල යුතුයි තරඟ කරන මැතිවරණ කොට්ඨාසය, තරඟ කරන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් අපේක්ෂකයින්ගේ නම හා ඡන්ද විමසීම පැවැත්වෙන දිනය.
ඡන්ද විමසීමේ දිනය වනාහි ජනාධිපතිවරයා විසින් ප්‍රසිද්ධ කරන ලද අප්‍රේල් 25 දිනය යැයි සඳහන් කරන්න ඕන. නමුත් 24(3) වගන්තිය යටතේ එම දිනය දීර්ඝ කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට බලය තිබෙනවා.
කෙසේ වෙතත් එම ගැසට් නිවේදනය නිකුත් කිරීමට දින තුනක් හතරක් ගතවන බැවින් ඡන්ද විමසීමේ දිනය තාම කියන්න බැහැ. නමුත් මැතිවරණ කොමිෂම වශයෙන් අපි තිදෙනා එක්ව තීරණය කළා පවතින තත්වය අනුව අප්‍රේල් 25 වැනි දින මෙය පවත්වන්න බැහැ කියලා.
යම් තත්වයකින් හෙට දිනයේදී යම් සෞඛ්‍ය බලධාරියෙකු හෝ ලෝක සෞඛ්‍ය සංවිධානය කොවිඩ් 19 වෛරස් තත්වය සියයට සියයක් නැහැ කියලා කියුවත් මැතිවරණ කොමිෂන් සභාවට මේ මැතිවරණය අප්‍රේල් 25 පවත්වන්න බැහැ.
මන්දයත් මැතිවරණ කැලැන්ඩරය පසුගිය දින පහ, හය තුළදී සම්පූර්නයෙන් අඩාල වි තිබෙනවා. මේ නිසා බලාපොරොත්තු රහිත හේතුවක් නිසා අපිට ඒ දිනයේ පවත්වන්න බැහැ. නමුත් ඒ සඳහා බලපෑ කොවිඩ් 19 වෛරසය පාලනය කරන්නේ කෙසේද යන්න සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කර අපි මාර්තු 26 වන දිනෙන් පසු එය කල් තබනවාද යන්න පිළිබඳව තීරණය කරනවා. දැනට අපිට කියන්න තියෙන්නේ 25 වැනි දින කිසිම හේතුවක් නිසාවත් පාර්ලිමෙන්තු මැතිවරණය පැවැත්වෙන්නේ නැහැ කියලයි.
නමුත් එදින සිට දින 14කට පසු දිනකදී මෙය පැවැත්වෙනවාද කියලා කියන්න පුළුවන්. ඒත් එම දිනය මැයි මාසයේදීද, ජූනි මාසයේදීද එයින් ඔබ්බටද යන්න කිව හැක්කේ කොවිඩ් 19 වෛරස් තත්වය පාලනයට අපේ රටේ පත් කර තිබෙන කාර්ය සාධක බළකායට තත්වය පාලනය කිරීමට හැකිවන දිනයකදී. මෙම වෛරස් තත්වය ඉතාමත් කඩිනමින් පාලනය කරනු ඇතැයි සිතනවා. “
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...