දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ වසංගත රෝග විද්‍යා අංශය අද දින පෙරවරු 10:00ට නිකුත් කළ වාර්තාවට අනුව ඊයේ දිනයේදීද අළුතින් COVID-19 වෛරසය ආසාදිත රෝගියෙකු හමුවී නැත. ඒ අනුව ශ්‍රී ලංකාව දෙවන COVID-19 වෛරසය ආසාදිත රෝගියා හෙවත් පළමු ශ්‍රී ලාංකික COVID-19 වෛරසය ආසාදිත රෝගියා හමුවූ මාර්තු 11 වනදා සිට අද වන විට දින දෙකක් තුළ කිසිදු අළුත් COVID-10 වෛරසය ආසාදිතයෙකු වාර්තා නොකර සිටීමට තරම් සෞඛ්‍යය අංශ සහ පොලිසිය සහ ආරක්ෂක අංශ කටයුතු  සිය කාර්ය ඉටු කර ඇති බව සෞඛ්‍යය සේවාවට සම්බන්ධ විද්වත්හු පෙන්වා දෙති.

එසේම මාර්තු 27 වන දා පෙරවරු 10:00වන විට  වෛද්‍යය අධීක්ෂණයේ සිටි වෛරසය ආසාදනය වූවායැයි සැක සහිත 238ක් වූ පුද්ගලයන් සංඛ්‍යාව මාර්තු 28 වන දා පෙරවරු 10:00 වන විට පුද්ගලයන් 199 දක්වා අඩු වී ඇති බවද වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ වාර්තා වල සඳහන් වේ.

මෙම තත්වය ළඟා කර ගැනීමට සාමාන්‍යය මහජනතාව රජයේ උපදෙස් නිවැරදි ලෙස පිළිපැදීම මහඟු පිටිවහලක් වූ බව විද්වතුන්ගේ මතයයි. කෙසේ වුවද රජයේ වෛද්‍යය නිළධාරීන්ගේ සංගමය පවසා සිටින්නේ රෝග ලක්ෂණ මෙතෙක් පෙන්නුම් නොකළ රෝහලකට වාර්තා නොවුනු පුද්ගලයන් 552ක් සිටිය හැකි බවයි. ඒ අනුව මාර්තු 25 වන දා සිට අප්‍රේල් 7 දක්වා කාලය තුළ රෝගීන් පොකුරු වශයෙන් වාර්තා වීමට ඉඩ ඇති බව  රජයේ වෛද්‍යය නිළධාරීන්ගේ සංගමයේ මතයයි.

එසේම ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි බෝවන රෝගයක තුන්වන අවස්ථාව ලෙස හඳුන්වන තත්ත්වයට ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බවද එම සංගමය පවසයි. ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් ජනතාව නිවාසවල රඳවා සිදු කරන දුරස්ථකරණය බිඳ වැටෙන බවද එම සංගමය අවධාරණය කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More