දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ කිසිදු පෞද්ගලික රෝහලකට COVID-19 වෛරසය ආසාදිත රෝගීන් භාර නොගනිති. එනිසාම අපහසුතාවයට පත්වන විශාල පිරිසක් අප රටේ වෙති. එම පිරිස පෞද්ගලික රෝහල් වලින් තොරව ලෙඩ සුව නොකරගන්නා ජන කොටසක් වෙති.

ඔවුහු එක් අතකින් ලෙඩ රෝගවලට ඔරොත්තු නොදෙන කාන්ඩයක් වන අතර මානසික අතින් ගත්තද අතිශය දුර්වලයන් පිරිසක් වෙති. තවද ඔවුහු හැකි සෑම විටකම රජයේ සෞඛ්‍යය පහසුකම් මග හැර සිටීමට මෙන්ම අපහාසයට ලක් කිරීමටද පෙළඹී සිටිති.

එවැනි පුද්ගලයෙකු තොරතුරු වසන් කර ප්‍රධාන පෙළේ රෝහලකට ඇතුල් වී ප්‍රතිකාර ලබා ගනිමින් සිටිද්දී එම පුද්ගලයා COVID-19 වෛරසය ආසාදිතයෙකු ලෙස හඳුනා ගෙන ඇත.

එම පුද්ගලයා රෝහලට ඇතුළත් කරනු ලැබූ ඥාතියාද රෝහලට තොරතුරු වසන් කර ඇත.අදාල රෝගියා ජාතික උන රෝහලට මාරු කර යවා ඇති අතර රෝගියාට ප්‍රතිකාර කළ කාර්ය මණ්ඩලය නිරෝධායනයට ලක් කිරීමට රෝහලේ පාලක මණ්ඩලය මේ වන විටත් කටයුතු කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More