කොරෝනා වෛරස ව්‍යාප්තිය වැලැක්වීම සඳහා සෞඛ්‍ය බලධාරීන් විසින් ලබාදුන් උපදෙස් නොතකා ජනතාව මහ මගට පැමිණ ගමන් බිමන් යාමට පටන් ගැනීම හේතුවෙන් මෙතෙක් දිනක් කළ කැප කිරීම් සියල්ල අවුල් වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මව්බිම පුවත්පතට සඳහන් කර ඇත.
ඇදිරි නීතිය ක්‍රියාත්මක වෙද්දී මෙතෙක් ඉතිහාසයේ කිසිදා සිදු නොවූ පරිදි මාර්ගවල වාහන විශාල ලෙස ඊයේ දිනයේ ධාවනය වූ බවත් ජනතාව ආරක්ෂාව පිළිබඳ කිසි තැකීමක් නොකර සුපුරුදු පරිදි මාර්ගවලට පැමිණි සිටි බවත් ඔහු සඳහන් කරයි.
පසුගිය 19 දා සිට කලාප වශයෙන් ඇඳ රටපුරා ඇදිරි නීතිය පනවා මෙම වෛරසයෙන් ජනතාව ආරක්ෂා කිරීමට බලධාරීන් ගත් ක‍්‍රියාමාර්ග ඊයේ පෙරවරුවේ අවුල් වූ තත්ත්වයක් දක්නට ලැබුණු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
පොලිස් ඇඳිරි නීතිය එකේ පණවා ඇති මොහොතක ජනතාව සාමාන්‍ය නිවාඩු දිනයක මෙන් නිදහසේ මහ මග සැරිසරමින් කටයුතු කළේ කෙසේ දැයි යන්න පිළිබඳව සිතාගැනීමටත් නොහැකි බවද ඔහු තව දුරටත් අවධාරනය කර ඇත.
මව්බිම
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...