අධ්‍යයන පොදුසහතික පත්‍ර උසස් පෙළ විභාගයේ 2019 වසරේ ජීව විද්‍යාව නව විෂය නිර්දේශය හා ගුරු අත්පොත මේ දක්වා ලබා නොදීමෙන් උසස් පෙළ විද්‍යා අංශයෙන් ඉගෙනුම ලබන සිසුන් 20,000ක් හා එම විෂය උගන්වන ගුරුවරුන් දැඩි අසීරුතාවට පත්ව ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි සිසිර ජයකොඩි මහතා පැවසීය.ගුරුවරුන් නිරන්තරයෙන් අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉල්ලීම් කර තිබෙන බවත් ඇමරිකන් ඉංග්‍රිසි භාෂාවෙන් කැම්බල් නැමැති කෘතිය පරිහරණය කරන්නැයි අධ්‍යාපන අමාත්‍යංශය දන්වා තිබෙන අතර මේ හේතුවෙන් ඈත දුෂ්කර ප්‍රදේශවල ජීව විද්‍යාව ඉගෙන ගන්නා සිසුන් කරකියාගත නොහැකිව සිටින බවත් මන්ත්‍රිවරයා සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...