දේශීය පුවත්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (28) පෙරවරුවේ දළදා වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගත්තේය.

මාළිගාවට ගිය ජනාධිපතිතුමා දියවඩන නිලමේ නිලංග දෑල මහතා විසින් පිළිගනු ලැබීය.

COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට රුපියල් කෝටියක මුදලක් නිලංග දෑල මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිරිනැමීම ද මෙහිදී සිදු කෙරිණි.

ජනාධිපතිවරයා මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය බැහැ දැක කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය මර්දනයට රජය ගෙන යන වැඩපිළිවෙළ පැහැදිළි කළේය.

මහානායක හිමියෝ ද ඊට ආශිර්වාද පළ කරමින් සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට රුපියල් ලක්ෂ 50ක මුදලක් පරිත්‍යාග කළහ.

ජනාධිපතිතුමා මල්වතු අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමිපාණන් ද බැහැ දුටුවේය.

අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤානරතන නා හිමිපාණන් වහන්සේ බැහැ දුටු ජනාධිපතිතුමා උන්වහන්සේ ප්‍රමුඛ අස්ගිරි විහාරස්ථ මහා සංඝරත්නය ද රජය දියත් කර ඇති වැඩපිළිවෙළ පිළිබඳව දැනුවත් කළේය.

කොරෝනා මර්දන අරමුදලට අස්ගිරි විහාරයෙන් පිරිනැමුණු රුපියල් ලක්ෂ 50ක පරිත්‍යාගයට සහ මල්වතු, අස්ගිරි විහාරස්ථානවලින් ලැබුණු ආශිර්වාදය වෙනුවෙන් ජනාධිපතිතුමා ස්තූතිය පුද කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More