දේශීය පුවත්

බහු ජාතික සමාගම් සහ විදේශීය සමාගම් COVID-19 වෛරසය පැතිරීම පටන් ගැනීමත් සමඟම දේශීය කිරි ගොවියාගෙන් කිරි එකතු කිරීම අඩපණ කළ අතර එකතු කරනු ලැබූ කිරි ප්‍රමාණය පවා සකස් කිරීමෙන් තොරවම පැලවත්ත කිරි සමාගමට විකුනා දමනු ලැබීය. කෙසේ වුවද පැලවත්ත කිරි සමාගම සහ මිල්කෝ සමාගම දේශීය කිරි ගොවියාගේ කිරි පෙර පරිදිම මිළදී ගැනීම කරණු ලැබීය.

මේ වන විට පැලවත්ත සමාගමේ නිෂ්පාදන ඇඳිරි නීතිය බලාත්මක කාල සීමාවේ පවා පාරිභෝගිකයාගේ දොරකඩටම සිය නිෂ්පාදන ගෙනැවිත් දීමේ වැඩ පිළිවෙලක් ආරම්භ කර ඇත. ඒ අනුව කොළඹ,කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්ක වලට ඔවුන්ගේ සේවය විවෘතව පවතී.

පැකේජයන් හතරක් යටතේ ක්‍රියාත්මක වන එම සේවය 0710215162 යන දුරකථන අංකයට වට්ස් ඇප් තාක්ෂණය ඔස්සේ ඇණවුම් කිරීමෙන් ලබා ගත හැක. පළමු පැකේජය රුපියල් 5000.00ක් වන අතර එයට කිලෝ ග්‍රෑම් 1 කිරි පිටි පැකට් 3ක්, බටර්(ලුනු සහිත ) ග්‍රෑම් 200 බඳුන් 2ක්,යෝගට් ග්‍රෑම් 80 කෝප්ප 36ක් සහ අයිස් ක්‍රීම් ලීටර් 1 බඳුන් 1ක් අඩංගු වේ.

දෙවන පැකේජය රුපියල් 2500.00ක් වන අතර එයට ග්‍රෑම් 400 කිරි පිටි පැකට් 4ක්, බටර්(ලුනු සහිත ) ග්‍රෑම් 200 බඳුන් 1ක්,යෝගට් ග්‍රෑම් 80 කෝප්ප 20ක් අඩංගුවේ.තෙවන පැකේජය රුපියල් 1900ක් වන අතර  එයට කිලෝ ග්‍රෑම් 1 කිරි පිටි පැකට් 1ක්, බටර්(ලුනු සහිත ) ග්‍රෑම් 200 බඳුන් 1ක් සහ යෝගට් ග්‍රෑම් 80 කෝප්ප 18ක් අඩංගු වේ. හතරවන පැකේජය රුපියල් 1500.00ක් වන අතර එයට  ග්‍රෑම් 400 කිරි පිටි පැකට් 2ක්, බටර්(ලුනු සහිත ) ග්‍රෑම් 200 බඳුන් 1ක්,යෝගට් ග්‍රෑම් 80 කෝප්ප 10ක් අඩංගුවේ.

 



2 thoughts on “පැලවත්ත නිෂ්පාදන ඔබගේ නිවසටම!”

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More