දේශීය පුවත්

කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තියත් සමග මෙරට සෞඛ්‍ය පද්ධතියට අත්‍යවශ්‍ය වී ඇති දැඩි සත්කාර ඒකක ඇඳන් නිෂ්පාදනය සඳහා නව ඉංජිනේරුමය තාක්ෂණ උපකරණ නිපදවීමේ ප්‍රමුඛතම සමාගමක් වන මීගමුව රෙක්ස් ඉන්ඩස්ට්‍රිස් පුද්ගලික ආයතනය( Rex Industries Pvt-Ltd) ඉදිරිපත්ව සිටියි.

මෙම කටයුත්ත කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ඉල්ලීම හා උපදෙස් මත අරඹා ඇති අතර මූලික අධීක්ෂණ කටයුතු රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය සිසිර සිරිබද්ධන මහතා සිදු කරනු ලබයි. කොරෝනා වෛරස ව්‍යාතිය සාර්ථකව මුහුණ දීම සඳහා මෙරට සෞඛ්‍ය පද්ධතිය සතුව තිබෙන දැඩි සත්කාර ඒකක ඇඳන් ප්‍රමාණය වැඩි කර ගැනීමේ අභියෝගයට සඳහා මෙම පියවර ගත් බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

මෙම කටයුත්ත සාර්ථක කරගැනීම සඳහා මීගමුව දිස්ත්‍රික් රෝහලේ අධ්‍යක්ෂතුමා ඇතුළු ජීව වෛද්‍ය ඉංජිනේරු කාර්යමණ්ඩලයේ සහයෝගය ද ලැබී ඇති බවත් ඔවුන්ගේ අධීක්ෂණය සහිතව මීගමුව රෙක්ස් ඉන්ඩස්ට්‍රිස් පුද්ගලික ආයතනය( Rex Industries Pvt-Ltd) ආයතනයේ යාන්ත්‍රික ඉංජිනේරුවන් කෙටි කලක් තුළ තම ඉලක්කය සපුරාලීමට කටයුතු කරනු ඇති බවත් අමාත්‍ය උපදේශක සුදේශ් නන්දසිරි මහතා සඳහන් කරයි.

මාධ්‍ය ඒකකය
කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යංශය
2020.03.28



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More