කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ උපදෙස් අනුව කොවිඩ්-19 වෛරසයට ලක්වන රෝගීන් සඳහා අත්‍යවශ්‍ය වෙන්ටිලේටර්(Ventilator) සහ වෙනත් වෛද්‍ය උපකරණ නිෂ්පාදනයට සූදානම් පිරිස වෙත අවශ්‍ය පහසුකම් සැලසීමට සූදානම් බව කාර්මික සංවර්ධන මණ්ඩලය සභාපති උපසේන දිසානායක මහතා පවසයි.
ඒ අනුව කොවිඩ්-19 වෛරසයට ගොදුරු වී අසාධ්‍ය තත්ත්වයේ පසුවන රෝගීන්ට අත්‍යවශ්‍ය වන සායනික වෙන්ටිලේටර් (Ventilator) නිෂ්පාදනය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ශිෂ්‍යයකු වන අශාන් කුමාර මහතාට මූලික සාම්පලය සැකසීම සඳහා මේ වන විට අවශ්‍ය පහසුකම් සිය ආයතනය තුළ සලසා ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය
අදාළ ඉංජිනේරු ශිෂ්‍යයාට සිය කටයුතු සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨ ආචාර්ය වරුන්ගේ හා රුහුණු විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයෙකුගේ ද සහයෝගය ද ලැබී ඇති බවත් මූලික සාම්පලය තව සතියක කාලයක් තුළ නිම කරනු ඇති බවත් කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
Ventilator නිර්මාණය කිරීමට සහය බලාපොරොත්තුවන නිර්මාණකරුවන්ට සහය දැක්වීමට IDB ආයතනය සූදානම් බවත්, ඒ සඳහා IDB ආයතනයේ සභාපති උපසේන දිසානායක මහතා 0774569098 අමතන ලෙසත් IDB ආයතනය දැනුම් දෙයි.
මාධ්‍ය ඒකකය
කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යංශය
2020.03.28
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...