දේශීය පුවත්

හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන කොරොනා සැක ආසාදිතයින්ගේ දෛනික කටයුතු රොබෝ යන්ත්‍රයක් හරහා සිදුකිරීම අද(28) සිට ආරම්භ කෙරිණි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

මෙම රොබෝ යන්ත්‍රය හරහා පැය 24ක් තුල සිය දෙනෙකු යොදවා ලබා ගන්නා සේවාවන් ඉටු කරවා ගත හැකිය.

මෙම රොබෝ යන්ත්‍රය සම්පූර්ණයෙන්ම දේශීය නිෂ්පාදනයක් වන අතර ඒ සඳහා ඇට්ලස් ආයතනය අනුග්‍රහය දක්වා ඇත .

රෝගීන්ට ආහාර පාන හා ඖෂධ ලබා දීම ,රෝගියාගේ පණිවුඩ වෛද්‍යවරයාට ලබා දීම වෛද්‍ය වරයාගේ පණිවුඩ රෝගියාට ලබා දීම වාට්ටුව වාට්ටුවෙන් වාට්ටුවට හා රෝගියාගෙන් රෝගියා ළඟට ගමන් කිරීම ඇතුළු සේවාවන් රැසක් ඉටු කරවා ගත හැකිය..

වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පැවසුවේ මෙවන් රොබෝ යන්ත්‍ර 50 හැකි ඉක්මනින් රජයට ලබා ගෙන කොවිඩ් 19 වෛරසයට ප්‍රතිකාර කෙරෙන , රෝහල් වලට ලබා දීමට පියවර ගන්නා බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More