දේශීය පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාවෙහි ප්‍රගතිය ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් විසින් හෙට (13) දින සාකච්ඡා කිරීමට නියමිතයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පක්ෂ නායක රැස්වීම හෙට සවස 6.00ට කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිලනිවසේදී පැවැත්වීමට නියමිතව ඇත.

මෙම විශ්වාසභංග යෝජනාව සඳහා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 54 දෙනාමවාගේ මේ වන විට අත්සන් කර තිබෙන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ අත්සන් ලබාගැනීම සාර්ථක මට්ටමක පවතින බවත් ඒකාබද්ධ විපක්ෂයේ ජේෂ්ඨ නියෝජිතයෙකු ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්සයේ මැති ඇමතිවරුන් 42 දෙදෙනා‍ගෙන් තිදෙනෙකු හැරෙන්නට අනෙක් සියලුම දෙනා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අත්සන් කිරීමට කැමැත්ත පළකර තිබෙන බවද එම නියෝජිතයා පෙන්වා දෙයි.

මීට අමතරව නීතිය හා සාමය අමාත්‍යවරයා වශයෙන් මහනුවර සිද්ධිය පාලනය කිරීමට හැකියාව තිබියදී එය නිසි පරිසි ක්‍රියානොකිරීම සම්බන්ධයෙන් අලුත් කරුණක්ද රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට ඇතුළත් කර තිබෙන බව ඒකාබද්ධ විපක්ෂයේ එම ජේෂ්ඨ නියෝජිතයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More