විදේශ පුවත්

ශත වර්ෂ ගණනක් තිස්සේ අමෙරිකාව ඇතුළු බටහිර රටවල් විසින් පරිදියේ රටවල මිනිසුන්ගේ මනස් තුළ බලවතුන් යැයි නිර්මාණය කර තිබූ අදහස් එකින් එක බිඳ දමමින් එම රටවල් COVID-19 වෛරසය ආසාදනය නිසා එකින් එක බිඳ වැටෙන තත්වය හමුවේ චීනය සහ රුසියාව COVID-19 වෛරසය බැට කන පරිදියේ රටවලට මානුෂීය හස්තය දිගු කරමින් එම රටවලට අවශ්‍යය වෛද්‍යය කන්ඩායම් සහ වෛද්‍යය උපකරණ ආදිය ගුවනින් ප්‍රවාහනය කිරීම දිගින් දිගටම කරමින් සිටිති.

ඒ අනුව චීනය පකිස්තානයට වෛද්‍යය කණ්ඩායමක් සමඟ මුඛ ආවරණ 110,000ක් ආරක්ෂක ඇඳුම් 5000ක් සහ වෙන්ටිලේටර 12ක් රැගෙන පැමිණි අතර චීන වෛද්‍යය කණ්ඩායම දින 14ක කාලයක් පකිස්තානයේ රැඳී සිටින බව පවසයි.
පකිස්තානයේ රැඳී සිටින කාලය තුළ ඔවුහු පන්ජාබ් සහ සින්ද් ප්‍රාන්ත වලටද යාමට නියමිත බව පැවසේ. මේ අතර රුසියානු වෛද්‍යය පර්යේෂකයන් පිරිසක් පවසා සිටින්නේ මැලේරියා මර්ධනය පිණිස භාවිත කරන ඖෂධ COVID-19 වෛරසය ආසාදනය වූවන් සුවපත් කිරීම සඳහා භාවිත කිරීමට හැකි බව තහවුරු වී ඇති බවයි.
ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail. com


Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More