කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය මේවන විට ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙනවා. මේ හේතුවෙන් කොරෝනා ආසාධිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා වෛද්‍යවරුන්ට ජීවිත අවධානමද නොතකා කටයුතු කිරීමට සිදුව තිබෙනවා. එසේම කොරෝනා ආසාධිතයින්ට ප්‍රතිකාර කළ ලොවපුරා වෛද්‍යවරු සහ සෞඛ්‍ය අංශවල බොහෝ දෙනෙකුට වෛරසය ආසාදන වී තිබුණා.
මෙම තත්වය තේරුම් ගත් ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගනුම ලබන තේජන දෙවුමිණ සිසුවා විසින් රොබෝ යන්ත්‍රානුසාරයෙන් වෛද්‍ය කටයුතු සිදුකිරීමට ක්‍රමවේදයක් සකස් කර තිබෙනවා.
එම රොබෝ යන්ත්‍රයේ ඇති සංවේදක මගින් ස්වයංක්‍රීයව රෝගියාගේ රුධිර පීඩනය, හෘද ස්පන්ධනය, උෂ්ණත්වය ඇතුළු බොහෝ දේ හඳුනාගනිමින් එය අන්තර්ජාල පහසුකම හරහා වෛද්‍යවරයාගේ දුරකතනයට ලබා ගැනීමේ පහසුකම සළසා තිබෙනවා. තවද අන්තර්ජාල පහසුකම් නොමැති අවස්ථාවක වුවද කෙටි පණිවිඩ හරහා රෝගියාගේ තත්ව වාර්තාව වෛද්‍යවරයාට ලබා ගැනීමේ පහසුකමද මෙහි ඇතුලත්.
ඒ අනුව සෑම මිනිත්තු 15 කට වරක්ම වෛද්‍යවරයාගේ ජංගම දුරකතනයට කෙටි පණිවිඩයක් මඟින් රෝගියාගේ රෝග ලක්ෂණ ලැබෙන ආකාරයටයි මෙය නිර්මාණය කර තිබෙනවා.
කොරෝනා වෛරසය පැතිර යාමත් සමඟ රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන්ට ඇතිවන අපහසුතා හඳුනා ගැනීම නිසා තමන්ට මෙවැනි අදහසක් පැමිණි බව ප්‍රකාශ කළ ඔහු තම නිර්මාණය ගැන වැඩිදුරටත් මෙලෙස කරුණු පැහැදිළි කළා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...