COVID-19 වෛරසය ආසාදනය වූවන් සඳහා ප්‍රතිකාර කිරීමට භාවිතා කළ හැකි ජපානය නිෂ්පාදනය කරන අවිගන් නම් ඖෂධය තව පැය 48කින් දිවයිනට පැමිණෙනු ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. ලැබුනු වහාම එම ඖෂධය බෙදා හැරීමේ ක්‍රමවේදයක් සකස් කර ඇති බවද ඒ මහතා පවසා සිටියේය.
=====================================
කොරෝනා වෛරසයට එරෙහිව ජපානය සොයාගත් පෙත්ත ගෙන්වා ගන්න ඇනවුමක්
කොරෝනා වෛරසයට එරෙහිව ජපානය විසින් සොයාගත් ඖෂධය මෙරටට ගෙන්වීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය හරහා ඇනවුමක් ලබාදී ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
අද දෙරණ සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේ මෙරට තුළ ඖෂධ බෙදාහැරීමේ ක්‍රමවේදය විධිමත් කිරීම සඳහා මේ වනවිටත් සැලසුම් සකස් කර ඇති බවයි.
රජයේ ඔසු සැල් විවෘතව තැබෙන බවට රජය නිවේදනය කළඳ ඊයේ දිනයේ ඔසුසැල් කිසිවක් විවෘතව තිබුණේ නොමැත.
මේ හේතුවෙන් ඖෂධ ලබා ගැනීම සඳහා පැමිණ සිටි ජනතාව දැඩිලෙස අපහසුතාවට පත්වුණි.
අද දෙරණ බිග් ෆෝකස් වැඩසටහනට අද පෙරවරුවේ එක්වෙමින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා මේ පිළිබඳව අදහස් පළ කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...