සමාජ මාධ්‍ය ඔස්සේ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාරයක් සිදුකළේ යයි චෝදනා මත සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු හා මාධ්‍යවේදියෙකු වන නුවන් නිරෝධ අල්විස් මහතා පොලිසිය මගින් ඊයේ 28 රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ.
දෙහිවල කළුබෝවිල ශ්‍රී මහා විහාර පාරේ පදිංචිකරුවෙකු වන ඔහු මේ දිනවල බිරිඳගේ සොයුරියගේ කුරුණෑගල උහුමීය ප්‍රදේශයේ නිවසක සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.
38 හැවිරිදි නුවන් නිරෝධ ජාතික රූපවාහිනියේ ‘ඇඟිලි සලකුණ’ අපරාධ වාර්තා වැඩසටහනේ පසුබිම් කථක ලෙස කාලයක් ප්‍රකට විය. පුවත්පත් වලද සේවය කර ඇති ඔහු මෑත කාලයේ වඩාත් ප්‍රකට වූයේ දේශපාලන මත පළකරන ෆෙස් බුක් පිටු පවත්වා යන්නෙකු ලෙසයි.
පසුගිය දිනවල ලංකාවේ කිසිදු කොරෝනා රෝගියෙකු වාර්තා නොවූ දිනයක මොහු විසින් පුද්ගලික රෝහලක නමක් සඳහන් කර එම රෝහලේ කොරෝනා ආසාදිත කුඩා බිළිඳියක එදින හදුනාගෙන ඇති බවත් රජය එම පුවත සගවා ඇති බවත් දන්වා තිබුණි.
මෙම පුවත අසත්‍යයක් වූ අතර ඒ බව එම රෝහලේ නියෝජිතයින් ඔහුගේ ෆේස් බුක් පිටුවට දන්වා කොමෙන්ටු පළ කර තිබුණත් නුවන් නිරෝධ සිය පුවත නිවැරදි බවට තරයේ කියා සිට ඇති අතර ඔහුට තොරතුරු ලබාදී ඇති වෛද්‍යවරයා විශ්වාස කරමින් තොරතුරු නිවැරදි කර නැත.
පසුව පුද්ගලික රෝහල විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත ඔහුව පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුව අද(29) අළුත්කඩේ අංක 01 අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර එහිදී අප්‍රේල් 8 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස දැනුම් දී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...