දේශීය පුවත්

ඇඳිරි නීතිය ඉවත් කළ ද අද (30) වැලිමඩ , බණ්ඩාරවෙල , හපුතලේ සහ දියතලාව යන නගර හතරම  වසා දැමීමට පියවර ගත්බව බණ්ඩාරවෙල පොලිස් අධිකාරී අතුල  ද සිල්වා මහතා පවසයි.

නගරයෙන් බැහැර ගම්වල වෙළෙඳ සැල් වලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට කටයුතු සූදානම් කර ඇති බව ඒ මහතා පැවසීය.

ශබ්ද විකාශන යන්ත්‍ර මගින් මෙම නගර වසා ඇති බව සහ නගරයට නොපැමිණෙන ලෙස නිවේදනය කළ බව පොලිස් අධිකාරී අතුල ද සිල්වා මහතා  සඳහන් කළේය.

ඇඳිරි නීතිය ඉවත් කළ පසු ජනතාව නගරයට එක් රොක් වීමෙන් ඇතිවන අවදානම හේතුවෙන් මෙම පියවර ගත් බව පොලිස් අධිකාරීවරයා වැඩිදුරටත් පැවසීය.

අද (30) වසා දමන නගර වල සියලුම වෙළඳ සැල් වසා තැබීමට ද වෙළඳසැල් හිමියන් එකඟ වී ඇති බවද ඒ මහතා සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More