බීබීසී ලෝක පුවත් සේවය විසින් ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 වෛරස මර්දන වැඩපිළිවෙළ අගය කිරීමට ලක්කර ඇත.
•02 පිටුවට
පසුගියදා ලංකාවේ සංචාරය කරන ලද බ්‍රිතාන්‍ය වැසියකු වන ග්‍රෑම් ඇබෝට් සමග සම්මුඛ සාකච්ඡාවක් පවත්වමින් බීබීසී මාධ්‍යවේදිනියක විසින් මෙලෙස ශ්‍රී ලංකාවේ වසංගත පාලන වැඩසටහන මෙලෙස ප්‍රශංසාවට ලක්කර තිබේ. මාධ්‍යවේදිනිය සහ අදාළ බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයා අතර පැවැති සම්මුඛ සාකච්ඡාවෙන් කොටසක් පහතින් දැක්වේ.
මාධ්‍යවේදිනිය –
ඔබට විශ්වාසයක් ඇති වුණේ ශ්‍රී ලංකාවේ ක්‍රමයද? ලන්ඩනයේ ක්‍රමයද?
සංචාරකයා –
මට විශ්වාසයක් ඇතිවුණේ ශ්‍රී ලංකාවේ ක්‍රමය පිළිබඳව. ඇත්තටම අප ශ්‍රී ලංකාවට ගොඩ බැහැපු මොහොත වන විටත් ඔවුන් හැම දේකටම හොඳින් සූදානම් වෙලා සිටියා. ලන්ඩන් ගුවන්තොටුපොළේදී අපට කිව්වේ එකිනෙකාගෙන් මීටර් දෙකක් ඈතින් ඉන්න කියලා විතරයි. නමුත් ශ්‍රී ලංකාවේදී අපේ සෞඛ්‍ය, උෂ්ණත්වය සියල්ල පරීක්ෂා කළා. අපට සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව දැනුම් දෙන ලියකියවිලි පුරවන්න සිද්ධ වුණා. ගුවන් තොටුපොළේ සිටි සියලුදෙනා ආරක්ෂිත ඇඳුම් පැළඳ සිටියා. ශ්‍රී ලංකාවේ සහ ලන්ඩනයේ සිතාගැනීමට නොහැකි තරම් වෙනසක් තිබුණා. ඔවුන් මටත් මුඛ ආවරණ ලබාදුන්නා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...