පුරවැසි කොලම

ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වසරේ මාර්තු මස 11 දින කොරෝනා වෛරසය හේතුවෙන් හටගන්නා රෝගය ‘ගෝලීය වසංගතයක්’ Pandemic ලෙස නම් කළේය. රෝගය COVID-19 ලෙස නම් කළේය. කොරෝනා වචනයෙන් ‘CO’ අකුරු දෙකත් වෛරස වචනයෙන් ‘VI’ අකුරු දෙකත් ඩිසීස් යන්නෙන් ‘D’ අකුරත්, රෝගය මුලින්ම වාර්තා වූ 2019 වසර සංකේතවත් කිරීමට 19 ත් යොදා ගැනීමෙන් COVID-19 යන්න බිහිවිය. චීනයේ හුබෙයි ප‍්‍රාන්තයේ අග නගරය වූ වූහාන්වලින් රෝගය මුල් වරට වාර්තා විය.

කොරෝනා වෛරසයද මීට පෙ වාර්තා වූ දරුණු ශ්වසන ආබාධ ඇති කරන SARS වෛරසයකි. කෙසේ නමුත් අන් සියලූ SARS වෛරසවලට වඩා ශීඝ‍්‍රයෙන් සහ දරුණු ලෙස කොරෝනා වෛරසය ලොව පුරා පැතිර යයි. මෙම ලිපිය ලියන අවස්ථාව වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගත් රටවල් 195 න් කොරෝනා උවදුරට ගොදුරුවී නැත්තේ උතුරු කොරියාව, ලිබියාව සහ යේමනය පමණි. ඊට හේතුව එම රටවල් රෝගය සැඟවීම හෝ ප‍්‍රමාණවත් පරිදි තොරතුරු වාර්තා නොවීමද විය හැකිය. රෝගය වාර්තා වූ මුල් දිනයේ සිට පළමු රෝගීන් ලක්‍ෂය වාර්තා නොවීමද විය හැකිය. රෝගය වාර්තා වූ මුල් දිනයේ සිට පළමු රෝගීන් ලක්‍ෂය වාර්තා වීමට දින 67 ක් ගත විය. දෙවැනි රෝගීන් ලක්‍ෂය වර්තා වීමට ගත වූයේ දින 11 කි. තෙවන රෝගීන් ලක්‍ෂය දින 4 ක් තුළ වාර්තා වූ අතර සිව්වන රෝගීන් ලක්‍ෂය වාර්තා වීමට ගතවූයේ දින 3 කි. රෝගය කෙතරම් ශීඝ‍්‍රයෙන් පැතිර යන්නේද ගැන අවබෝධයක් ලබා ගැනීමට එයම ප‍්‍රමාණවත්ය.

ගෝලීය වසංගතය Pandemic වලට බිය වීමට ඕනෑ තරම් හේතු ඇත. පසුගිය වසර හත්අටසීය තුළ එවැනි ගෝලීය වසංගත කිහිපයක් වාර්තා වී ඇත. කි‍්‍ර.ව. 14 සියවසේදී පැතිර ගිය වසූරිය වසංගතය නිසා කෝටි 10 ක් ලෝක ජනගහනය මියගිය බව කියැවේ. යුරෝපයේ මුළු ජනගහනයෙන් 1/3 ක් මෙම වසූරිය වසංගතය හේතුවෙන් වසර 6 ක් තුළ මිය ගියහ. 1918 සිට 1920 දක්වා ලොව පුරා පැතිර ගිය ‘ස්පාඤ්ඤ උණ’ නමින් හඳුන්වන ඉන්ෆ්ලූවෙන්සා උණ කෝටි 50 ක ජනතාවට වැළඳුණු අතර ඉන් කෝටි 10 ක් මිය ගියහ. පළමු ලෝක යුද්ධයෙන් මියගිය සංඛ්‍යාවට වඩා වැඩි පිරිසක් ස්පාඤ්ඤ උණ, රෝගයෙන් මිය ගියහ. කොරෝනාට පෙර ගෝලීය වසංගත තත්ත්වයක් ඇති වූයේ 2009/10 වසරවලය. ‘කුරුලූ උණ’ නමින් හැඳින් වූ H1 N1 ඉන්ෆ්ලූවෙන්සා රෝගයෙන් ලක්‍ෂ 5 ක පමණ ජනතාව මිය ගියහ. ඇමරිකා එක්සත් ජනපදයේ පමණක් 12000 ක් මිය ගියහ. දැනටමත් කොරෝනා වෛරසය සියවසකට එපිට පැතිර ගිය ස්පාඤ්ඤ උණටත් වඩා භයංකර විය හැකි බවට අනාවැකි පළවී ඇත. මෙහි භයානකකම වැඩිවීමට එක් හේතුවක් නම් වෛරසය ශරීර ගතවූ පසු රෝග ලක්‍ෂණ පහළ වීමට ගතවන කාලයේ ඇති විචල්‍යතාවයි. එය දින 2 සිට 14 දක්වා දීර්ඝ කාල පරාසයකි. චීන පර්යේෂකයන්ට අනුව සාමාන්‍ය දින 6 කෙසේ වෙතත් දින 27 ක් දක්වා වුව එම කාලය දීර්ඝ විය හැකි බව ඔවුහු පෙන්වා දෙති. මෙම කාල සීමාව තුළ වෛරසය ශරීරය තුළ දරා ගෙන සිටිමින් අනෙක් අයට ලබාදීමේ අවදානම ඇතිවේ. එක් පර්යේෂණ කණ්ඩායමකට අනුව වෛරසය යමකුගේ ශරීර ගත වූ පසු රෝග ලක්‍ෂණ පහළ වන තෙක් කාලය තුළ ඔහු හෝ ඇය තවත් 350 කට පමණ වෛරසය ලබාදේ.

රෝගයේ මෙන්ම වෛරසයේද භයානකකම පිළිබඳ අප ආරම්භයේ සිට කරුණු දැක්වුවද එය බොහෝ දෙනාට විහිළුවක් විය. අද මෙපමණක් හෝ අපි ගැලවී සිටින්නේ ජනාධිපතිතුමාත්, අග‍්‍රාමාත්‍යවරයාත්, මෙහි ඇති භයානකකම ගැන නිසි පරිදි අවබෝධ කරගත් නිසා බව පැවසිය යුතුමය. වෛද්‍යවරුන්ගේ, සෙසු සෞඛ්‍ය සේවකයන්ගේ, ති‍්‍රවිධ හමුදාවේ සහාය ලබා ගැනීමට ජනාධිපතිතුමාට හැකි වූයේ එතුමා මෙහි බරපතළකම ගැන නිවැරදි තක්සේරුවක සිටි හෙයින්ය.

ආරම්භයේදී ඉතාලියේ සහ දකුණු කොරියාවේ සිට පැමිණි ඇතැමුන්ට නිරෝධායනය විහිළුවක් විය. දේශපාලනිකව වත්මන් රජයට පක්‍ෂපාතී නොවන ආධ‍්‍රානග‍්‍රාහී මතවාද දැරීම නිසාම නිරෝධායනය දේශපාලනීකරණය කරගෙන එය දඩමීමා කරගෙන ජනාධිපතිතුමාට, රජයට සහ ති‍්‍රවිධ හමුදාවට මඩ ගැසීමට ඇතැම්හු පෙළඹුණහ. නිරෝධායනය හිරේ දැමීමක්, දඬුවමක් ලෙස විග‍්‍රහ කර සමාජ මාධ්‍යවලට වීඩියෝ මුදාහරිමින් ‘නිරෝධායනය’ වචනයට සමාජ භීතිකාවක් නිර්මාණය කිරීමේ වගකීම මේ උද්දච්ච දේශපාලන කුහකයන් කිහිප දෙනා භාර ගත යුතුය. මේ අයගේ කට වැසුණේ නිරෝධායනය සඳහා යොමු කළ ඇතැමුන්ට රෝගය ඇති බව තහවුරු වීමත් සමගයි.

ඊළඟට පිස්සු කෙළියේ යුරෝපයේ සිට (විශේෂයෙන් ඉතාලියේ සිට* පැමිණි දෙවැනි කණ්ඩායමයි. පුද්ගල නිදහස ලිබරල් අදහස් ප‍්‍රජාතන්ත‍්‍රවාදය, පෞද්ගලිකත්වය ඕනෑවට වඩා ඉස්මතු වීම නිසා අද යුරෝපීයයන්ට කොරෝනා ප‍්‍රශ්නයට මුහුණදී ගැනීමට නොහැකි වාතාවරණයක් උදාවී ඇත. ඇතැම් වාර්තා අනුව ඉතාලි ජනගහනයෙන් සැලකිය යුතු පිරිසකට මෙම වෛරසය ආසාදනය වී ඇත. මේ තත්ත්වය දැනුණු විගස නීත්‍යනුකූල මෙන්ම නීත්‍යනුකූල නොවන ලෙස ඉතාලියේ සේවයට ගොස් සිටි සැලකිය යුතු පිරිසක් ඉක්මනින්ම ශී‍්‍ර ලංකාවට පැමිණියහ. ඔවුහු ඇතැමෙක් තමන් පැමිණෙන්නේ ඉතාලියේ සිට බව සැඟවීමට විවිධ උපක‍්‍රම අනුගමනය කළහ. තවෙකෙක් රෝගය වැළඳී ඇති බව දැන දැනම ඒ සැඟවීමට උත්සාහ දැරූහ. එසේ පැමිණි කිහිප දෙනෙක් අදටත් සැඟව සිටිති.

මේ අතර රෝගය පැතිර යෑම වැළැක්වීමට කාර්යාල වසා දමා ප‍්‍රසිද්ධ නිවාඩු ප‍්‍රකාශ කළ සැණින් බොහෝ දෙනා සිංහල අවුරුද්දට ඇඳුම් ගැනීමට සාප්පු සවාරි ඇරඹූහ. තවත් සමහරු විනෝද චාරිකා සංවිධානය කළහ. ශී‍්‍රපාදස්ථානය වෙත යෑමට පැමිණි වාහන පෝලීම් පමණක් කිලෝ මීටර් කිහිපයක් දිගු විය. ගල්කිස්ස, බෙන්තර, උණවටුණ වෙරළ තීර දහස් ගණන් ජනයාගෙන් පිරී ගියහ. කොරෝනා වසංගතයෙන් බේරීම හැර අන් සියල්ලට ප‍්‍රමුඛස්ථානය ලබා දුන්හ. අවසානයේ රජයට ඇඳිරි නීතිය දැමීමට සිදුවූයේ මෙම තත්ත්වය පාලනය කිරීමටය.

මේ අතර රටට හොඳම විහිළුව සැපයුවේ හිටපු විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාය. කොරෝනා මර්දනයට නව බටහිර ඖෂධයක් නිෂ්පාදනයට අවම වශයෙන් වසර 2 ක් ගතවේ. නව එන්නතක් නිපදවීමට වසරක් ගතවේ. මේ නිසා දැනට වෙනත් රෝගයකට ලබාදෙන ඖෂධයකින් යම් සාර්ථකත්වයක් ලබාගත හැකිද යන්න ගැන පර්යේෂකයන්ගේ අවධානය යොමුවිය. අවසානයේ ඖෂධ වර්ග 2 ක් අබියස ඔවුහු නතර වූහ. එකක් ‘අවිගන්’ නමින් හැඳින්වූ Favi Piravir නම් මීට පෙර ඉන්ෆ්ලූවෙන්සා සහ කහ උණට ලබාදුන් ඖෂධයකි. අනෙක මීට පෙර මැලේරියාව මර්දනයට යොදාගත් ක්ලෝරොක්වීන් සහ හයිඩ්‍රොක්සික්ලොරොක්වීන් නම් ඖෂධයි.

අවිගන් ජපාන පරියේෂකයාගේ තෝරා ගැනීම වූ අතර ක්ලොරෝක්වීන් චීන සහ ප‍්‍රංශ පර්යේෂකයන්ගේ තෝරා ගැනීම විය. අවිගන් මිල අධික, සුලබව භාවිතයේ නැති ඖෂධයක් නිසා අවසානයේ බොහෝ දෙනාගේ කැමැත්ත වූයේ ක්ලොරොක්වීන් සහ හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන්ය. ප‍්‍රතිජීවක ඖෂධයක් වන ඇසිත්‍රොමයිසින් සමග හයිඩ්‍රොක්සික්ලොරොක්වීත් ලබාදීමෙන් හොඳ ප‍්‍රතිඵල ලැබිය හැකි බව ප‍්‍රංශ පර්යේෂකයන් පිරිසක් රෝගීන් කිහිප දෙනකු යොදාගෙන පෙන්වා දෙනු ලැබීය. විiාගාර තුළ සිදුකළ පර්යේෂණ මගින්ද ඒ හා සමාන ප‍්‍රතිඵලයක් ලැබිණි. ‘ගස් නැති රටේ තුත්තිරි ගහත් ගහක්’ කීවාක් මෙන් කිසිදු ඖෂධයක් පේනතෙක් මානයක නොතිබුණු කොරෝනා මර්දනයට ‘හයිඩ්‍රොක්සික්ලොරොක්වීන් සහ ඇසිත්‍රොමයිසින්’ යුගලය යොදාගත හැකි බව ලොව පුරා සමාජ මාධ්‍යවල ප‍්‍රචාරය විය. මෙම ඖෂධ දෙකම දීර්ඝ කලක් වෙනත් රෝගාබාධ සඳහා එතරම් බරපතළ ප‍්‍රශ්නයකින් තොරව ලබාදී ඇති නිසාත් එහි අතුරු ප‍්‍රතිඵලවලට වඩා කොරෝනාවෙන් ජීවිතය ගලවා ගැනීම වැදගත් නිසාත් චීනය, ද. කොරියාව, ඉතාලිය, ප‍්‍රංශය මෙකී ඖෂධ දෙක රෝගීන්ට ලබාදීම ඇරැුඹීය. ඇමරිකානු එක්සත් ජනපද ආහාර සහ ඖෂධ නියාමන ආයතනය ද මෙම බෙහෙත ලබා දීමට සීමිත අවසරයක් ලබා දුන්නේය.

මේ සියලූ කරුණු අධ්‍යයනය කිරීමෙන් පසු හයිඩ්‍රොක්සික්ලොරොක්වීන් සහ ඇසිත්‍රොමයිසින් ශී‍්‍ර ලංකාව තුළද කොරෝනා රෝගීන්ට ලබාදිය හැකි බව අපි පෙන්වා දුන්නෙමු. ඒ ගැන මාර්තු 21 දින ජනාධිපතිතුමන්ට සවිස්තර ලිපියකින් දැනුම් දුන්නෙමු. එම ඖෂධ දෙක හඳුනාගත් රෝගීන්ට ලබාදීමට මූලික අවසර ලබා ගැනීමේ වැඩපිළිවෙළක් ඒ අනුව අප‍්‍රමාදව දියත් විය. කරුණු මෙසේ පෙළ ගැසෙමෙන් තිබියදී හිටපු විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා මාර්තු 22 ඉරිදා සවස 3.01 ට සිය මුහුණු පොතට වීඩියෝවක් නිදහස් කරමින් පවසා තිබුණේ හයිඩ්‍රොක්සික්ලොරොක්වීන්වලට වඩා තත්ත්වයෙන් උසස් ‘ප්ලැකනිල්’ නම් ඖෂධයක් ඇති බවත් ලංකාවේ ජනතාවට එම ඖෂධය ලබාදීමට පියවර ගත යුතු බවත්ය. තවද ප්ලැකනිල් නිසා අතුරු ආබාධයක් ඇති වන්නේ නම් ඒ උදෙසා ඇසිත්‍රොමයිසීන් ලබාදිය යුතු බවද ඒ මහතා පැවසීය.

මට මේ ගැන මුලින්ම දැන්වූයේ මා හිතවත් වෛද්‍යවරයෙක්ය. කෙසේ නමුත් දීර්ඝ කලක් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙක්, කැබිනට් ඇමැතිවරයෙක්, විපක්‍ෂ නායකවරයෙක් මෙන්ම පසුගිය ජනාධිපතිවරණයේ ප‍්‍රධාන අපේක්‍ෂකයකු ලෙසද කටයුතු කළ සජිත් පේ‍්‍රමදාස මහතා මෙවැනි ප‍්‍රකාශයක් කරතැයි මම ආරම්භයේදී විශ්වාස නොකළෙමි.

එසේ වුවත් පසුගිය ජනාධිපතිවරණ සමයේදී පේ‍්‍රමදාස මහතා සිදුකළ ඇතැම් ප‍්‍රකාශ සිහිපත්වූ හෙයින් මම වහා එතුමාගේ මුහුණු පොතට ගොස් ඒ සැබෑවක්දැයි විමසීමි. මා මිත‍්‍රයා පැවසූ ලෙසම සජිත් පේ‍්‍රමදාස මහතා එවැනි ප‍්‍රකාශයක් කර ඇත. ඒ වන විටත් දහස් සංඛ්‍යාත ගණනක් එම ඞීඩියෝවට කැමැත්ත පළකර තිබූ අතර සිය ගණනක් බෙදා හදාගෙන තිබිණි. සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රකාශයේ බරපතළ නොමග යැවීම්, සාවද්‍ය ප‍්‍රකාශ 3 කි.

1. ප්ලැකනිල් යනු හයිඩ්‍රොක්සික්ලොරොක්වීන් වලට වඩා තත්ත්වයෙන් උසස් වෙනත් ඖෂධයක් නොවේ. ප්ලැකනිල් යනු හයිඩ්‍රොක්සික්ලොරොක්වීන් ඖෂධයට යම් සමාගමක් ලබාදී ඇති වෙළෙඳ නමකි. පැරසිටමෝල් නම් ඖෂධයට පැනඩෝල්, පැරමෝල්, පැරසිටෝල් වැනි වෙළඳ නම් ලබාදී ඇති අයුරටය.

2. ප්ලැකනිල් හෝ වෙනත් නමකින් හඳුන්වන හයිඩ්‍රොක්සික්ලොරොක්වීන් සාමාන්‍ය ජනතාවට ලබාදිය යුතු නැත. දැනට අවසරය ලැබී ඇත්තේ COVID-19 රෝගය ඇති බවට තහවුරු වූ රෝගීන්ට ලබාදීමට පමණි.

3. ඇසිත්‍රොමයිසීන් එක් කරන්නේ හයිඩ්‍රොක්සික්ලොරොක්වීන් මගින් ඇතිවන අතුරු ඵල වැළකීමට නොව ප‍්‍රතිජීවක ඖෂධයක් ලෙස නියුමෝනියා රෝග තත්ත්වය පාලනය කිරීමටය.

මම මේ කරුණු සඳහන් කරමින් සජිත් පේ‍්‍රමදාස මහතාට විiුත් තැපෑලෙන් ලිපියක් යොමු කළෙමි. තවද ඔහුගේ මුහුණු පොතට ද මේ ගැන දැනුම් දුන්නෙමි. රෝගය සුව කළ හැකි ඖෂධයක් තිබියදී රජය එය ලබා නොදෙන්නේය යන වැරදි අදහස පේ‍්‍රමදාස මහතාගේ කතාවෙන් සමාජගත වූ අතර දැන් බෙහෙතක් තියෙන නිසා අමුතු පරෙස්සමත් අවශ්‍ය නැතැයි අදහසක් ද පැතිර ගියේය. මේවා නිවැරදි කිරීමට අපට විශේෂ වෙහෙසක් දැරීමට සිදුවිය. මාර්තු 23 දින සජිත් පේ‍්‍රමදාස මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පැවසුවේ ‘රෝගය තුරන් කිරීමට තමන්ගේ ඇති අධික උවමනාව නිසා තමන්ගෙන් වැරදි හෝ නොමග යවනසුලූ ප‍්‍රකාශයක් සිදුවී නම් දැඩි සේ සමාව භජනය කරන’ බවයි. කෙසේ වෙතත් සිංහල භාෂාවෙන් මුහුණු පොතට දැමූ වීඩියෝවකින් සිදුවූ වැරැුද්දට ඉංගී‍්‍රසි භාෂාවෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කිරීමෙන් ඇති ඵලය කුමක්දැයි මට නම් නොතේරේ.

ගෝලීය වසංගතයක් හමුවේ ජාතික වගකීම අමතක කරන මිනිසුන් සහ අවස්ථාවාදී නායකයන් සිටීමත් ඔවුන්ගේ වගකීම් විරහිත කි‍්‍රයා කලාපයත් පසුගිය සති 2-3 තුළ අපි අත්වින්දෙමු. රෝගය හා සටන් කරනවා වෙනුවට ඔවුන්ගේ කියුම්-කෙරුම් නිවැරදි කිරීමට රටේ නායකයන්ට, ති‍්‍රවිධ හමුදාවට, සෞඛ්‍ය සේවයේ කැප කිරීම් කරන අයට සිදුවීම අවාසනාවන්ත කරුණකි. ප්ලාස්ටික් බෝතලයක් කපා අපට තේ දුන්නේ මෙන්න මේකෙන් යැයි බොරු කියූ පුද්ගලයා මෙන්ම හයිඩ්‍රොක්සීක්ලොරොක්වීන් වෙනුවට ප්ලැකනිල් ජනතාවට දෙන්න කියන දේශපාලන නායකයන්ද මානසික නිරෝධායනයට අංගොඩ පිහිටි වසංගත රෝග විiායතනය අසල ඇති අනෙක් ආයතනයට යැවීම සුදුසුය.

මහාචාර්ය චන්න සුදත් ජයසුමන
ඖෂධ විද්‍යාව පිළිබඳ මහාචාර්ය
MBBS, PhD, FRCP, Edin
රජරට විශ්වවිද්‍යාලය

Divaina



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More