චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසමේ සභාපති මයි ෆෙන්ග් මහතා ප්‍රකාශ කර සිටියේ චීනයට විදේශ රටවල සිට පැමිණි පුද්ගලයන් 693 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවත් මෙය චීනය තුළ අළුත් වටයකින් COVID-19 වෛරසය ආසාදිත රැල්ලක් නිර්මාණය වීමේ ඉඩ කඩක් පවතින බවත්ය.
චීනය මේ වන විට ස්වදේශිකව පැන නැගුනු COVID-19 වෛරසය ආසාදන වසංගත රැල්ල සාර්ථකව මැඩ පවත්වා සමස්ත ලෝකයටම ආදර්ශයක් සැපයූ අතර විදේශ රටවල සිටි චීන ජනයා නැවත චීනයට පැමිණීමත් සමඟ අළුතින් COVID-19 වෛරසය ආසාදන රැල්ලක් නිර්මාණය වීමට ඉඩ ඇති බව පැවසේ.
කෙසේ වුවද පසුගිය සෙනසුරාදා( 28 ) චීනයේ ප්‍රධාන භූමිය තුළ අළුතින් වෛරසය ආසාදිත වූවන් 45 දෙනෙකු හඳුනාගත් අතර එය ඊට පෙර දින සොයාගත් වෛරසය ආසාදිතයන් 54 දෙනා සමඟ සැසඳිමේදි නව රෝගීන්ගේ වර්ධනය සැලකිය යුතු ලෙස පහළ යාමකි.
ජෝන් හොප්කින්ස් සරසවියේ වාර්තාවලට අනුව චීනය තුළ CVID-19 වෛරසය ආසාදිත වූවන් 82,000ක් වාර්තා වූ අතර වෛරසය ආසාදනයෙන් මරණ 3300ක් පමණ සිදු විය.
ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail. com
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...