මට හිතුණා මේක ඔබත් එක්ක බෙදාගන්න.
පැරණි ජපානයේ තයිෂෝ හා ෂෝවා යුගයන්ට අයත් කාල වකවානුවක , “මියසවා කෙන්ජි” නම් කිවිදෙක් වාසය කළේය. (1896-1933) ඔහු නවකතාකරුවකු, කෘෂි විද්‍යා ගුරුවරයෙකු , බොදුණුවකු හා චෙලෝ වාද්‍ය ශිල්පියෙකු වශයෙන් ප්‍රකටය. මියසවා කෙන්ජි පිළිබඳ ජපන් ජාතිකයන්ගේ අවධානය යොමුවන්නේ ඔහුගේ මරණින් මතු කරලියට ආ එක් කාව්‍ය නිර්මාණයක් නිසාවෙනි. එය ඔහු ‘Ame ni mo makezu’ හෙවත් ‘ඇද හැළෙනා වැස්සට පසු නොබසිමි’ යනුවෙන් නම් කර ඇත. කෙන්ජි කිවිඳුන් මේ කවියෙන් පවසාසිටින්නේ අත්‍යන්තයෙන්ම ජපන් ජාතිකයෙකු ලෙස දිවි ගෙවිය යුතු ආකාරයයි. තම ජීවිත කාලය තුළ තමා එලෙස ජීවත්වීමට අපොහොසත් වූ බව කවියාගේ හැගීම විය. වත්මන් ජපන් ජාතිකයා මේ කාව්‍යයෙහි අරුත පිළිගන්නේ ජපන් ජාතිකයෙකුගේ ජීවය පරිද්දෙනි . ඔවුහු එහි සදහන් අයුරින්, ලෝකයට වැඩදායී මිනිසුන් ලෙස ජීවත්වීමට උත්සාහ දරති.
ජපන් ජාතිකයා පමණක් නොව , අප ද ලෝකයට අරුතක් එක් කරමින් මෙලෙස දිවි ගෙවිය යුතු නොවේ ද ………
මේ කෙන්ජි කිවිඳුන් ගේ අගනා කාව්‍ය නිර්මාණයේ සිංහල පරිවර්තනය යි.
ඇද හැළෙනා වැස්සට පසු නොබසිමි
හමන සුළං හමුවේ පසු නොබසිමි
හිම කැට වැස්සේ ග්‍රීෂ්ම සමයේ
අපරාජිත වෙමි, මම පසු නොබසිමි
සවිමත් සිරුරින් පෙරමුණ ගන්නෙමි
ආශා විලංගු බිඳහැරලන්නෙමි
කිසිවිට අනුනට හිංසා නොකරමි
සැමවිට සොම්නස අස්වද්දන්නෙමි
රතු හාලෙන් බත් කොප්ප හතරක්
මිසෝ බිඳක් එළවළු හා හැමදින
තණයායේ පයිනස් තුරු සෙවණක
අතුපැලකට වි දවස ගෙවන කල
ඉටු කරනා හැම කටයුත්තකදී
තමාට පෙර අනෙකා ගැන සිතනෙමි
හොද හැටි නෙත සවනත යොමු කරමින්
දිවියේ පාඩම් සිත රඳවන්නෙමි
මතක පොතෙන් බැහැරට නොදමන්නෙමි
පෙරදිග සිටියොත් රෝගී දරුවෙකු
සොයාගොසින් උවටැන් කරලන්නෙමි
අවරගිර සිටින වෙහෙසුණු මවුනගෙ
ගොයම් මිටිය කර මත ගෙන යන්නෙමි
දකුණෙහි මරණය අබියස වැතිරුණු
මිනිසෙකු සිටියොත් ඔහු සනසන්නෙමි
කෝලාහල නඩුහබ පිරි උතුරට
සාමයෙ අරුණලු වටහා දෙන්නෙමි
වියැළී මැළවුණු නියං පොළෝ ගැබ
දයා කඳුළු ඉස සුවපත් කරනෙමි
ගිම්හානේ සිසිලස දැනෙනා විට
අසාර අස්වනු බලා තැවෙන්නෙමි
ගැරහුම් කෙනෙහිලි ලැබුණත් දිවියට
පැසසුම් ගරු බුහුමන් නොපතන්නෙමි
එවන් උතුම් මිනිසත්කම් හඳුනන
මිනිසෙකු වන්නට සටන් කරන්නෙමි.
පරිවර්තනය – අමන්දා දළුපොත .
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...