කොළඹ කොටස් වෙළෙඳපොළ අද(30) දිනයේ ද දෛනික ගනුදෙනු සඳහා විවෘත නොකිරීමට එහි බලධාරීන් විසින් තීරණය කර තිබේ.
දැනට පනවා ඇති ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කරලීමට රජය විසින් ගෙන ඇති තීරණය හමුවේ මෙම පියවර ගැනීමට කොටස් වෙළෙඳපොළ බලධාරීන් තීරණය කර ඇත.
මේ අතර හෙට(31) දිනයේ දී කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ක්‍රියාත්මක වනවාද නැද්ද යන තීරණය අද සවස් කාලයේ දී දැනුම් දීමට නියමිතය.
පසුගිය මාර්තු 13 වනදායින් පසු මාර්තු 20 වන දින පමණක් කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු සඳහා විවෘත වූ අතර එදින ගනුදෙනු ද පැය 2කට පමණක් සීමා විය.
එදින ගනුදෙනු ආරම්භයේ දීම මිල දර්ශක විශාල වශයෙන් කඩාවැටීම හේතුවෙන් එහිදී ද මිනිත්තු 30 ක කාලයක් ගනුදෙනු අත්හිටුවීමට පියවර ගැණුනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...