දේශීය පුවත්

කොරෝනා වෛරස් තත්වය පාලනය කිරීම සඳහා එළඹෙන අප්‍රේල් 28 වනදා දක්වාම ඇඳිරි නීතිය පැනවීමට හෝ ජනතාවගේ ගමන් බිමන් දැඩි ලෙස නවත්වා දැමීම සිදු කළ යුතු බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අවධාරණය කරයි.

“අපි මේ ඉන්නෙ සංක්‍රාන්ති සමයක. අපි දැනගන්න ඕනෙ මේක එන්නෙ රැළි හැටියට. මේ එක රැල්ලක් ආවා පිටරටින් එන රැල්ල. ඒ රැල්ල අඩු වේගෙන යනකොට අපේ රට ඇතුළෙ රැල්ල එනවා.

ඊට පස්සෙ අපි රට නැවත වරක් නිදහස් කරලා, අපේ රටේ රැකියාවල් එහෙම නැවත පටන් අරගෙන පිටරටින් ආයෙ මිනිස්සු එන්න ගත්තාම තව රැල්ලක් එනවා.

ඇඳිරි නීතිය කියන එක තව ඉස්සරහට – මම අර කලින් කිව්වා වගේ අප්‍රේල් 28 වෙනිදා වෙනකොට තමයි අපට යම්කිසි තහවුරු භාවයක් ඇති වෙන්නෙ. එතකොට අප්‍රේල් 28 දක්වා ඉතා දැඩි ලෙස මේ මිනිසුන්ගෙ ගමන් කිරීම නතර කරන්න ඕනේ.

මිනිස්සුත් හිතන්න ඕනෙ තමුන්ගෙ රටේ මේ – ඉතාලියෙ අද මැරිලා තියෙනවා 900ක් – 700ක් විතර, එහෙම වුණොත් සාමාන්‍යයෙන් අවුරුදු 70ට වැඩි අයව ශ්වසන උපකරණවලට සම්බන්ධ කරන්නෙත් නෑ, ඒ කියන්නෙ ඇත්ත වශයෙන්ම කියනවා නම් නීත්‍යානුකූලව මිනිසුන් මරාදානවා. එල්ලුම් ගහට වඩා වේගයෙන් මිනිසුන් මරාදානවා. එතකොට එහෙම තැනකට මේ රට යන්න ඔබ වගකීමෙන් තොරව හැසිරෙනවද, එහෙම නැත්නම් තමන්ගෙ ගෙදරදි පවා තමන්ට මේ රෝගය හැදෙනකොට 20%ක් අයට මේ රෝග ලක්ෂණ නැතුව ඒගොල්ලො පතුරුවන්න පුළුවන්.

ඒ නිසා ඔබට යම්කිසි හරි සැකයක් තියෙනවා නම් ‘නෑ මම පිටරට කෙනෙක් එක්ක යම්කිසි සම්බන්ධතාවයක් තැබුණා, මං පොඩි බිස්නස් එකක් කරා’ කියලා හිතනවා නම් හොඳම දේ තියෙන්නෙ අවම වශයෙන් දින 14ක් යනකල් ඔබේ කාමරයටම වෙලා වෙනම කෝප්පයක්, පිඟානක් පාවිච්චි කරලා තමුන්ගේ නිරෝධායනය ස්වයංව සිදුකරගන්න. එහෙම නැත්නම් ඔබේ අවුරුදු 60ට වැඩි අයගෙන් 4%ක් මැරෙනවා, 70ට වැඩි අයගෙන් 8%ක් මැරෙනවා, 80ට වැඩි අයගෙන් 30%ක් විතර මැරෙනවා. මේක මේ ආවාට ගියාට ගන්න එපා” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා මේ බව පැවසුවේ ඊයේ (29) රූපවාහිනී නාලිකාවක් වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමිනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More