දේශීය පුවත්

“ආනයනික තත්ත්වයේ දැඩි සත්කාර ඒකක ඇඳන් නිපදවීමට Rex Industries ආයතනයට හැකියාව තිබෙනවා”
– මහාචාර්ය සිසිර සිරිබද්දන

මෙරට රෝහල්වල භාවිතා කරන ආනයනික දැඩි සත්කාර ඒකක ඇඳන්වල ප්‍රමිතියටත් එහා ගිය ඉහළ ප්‍රමිතියෙන් යුත් ඇඳන් නිපදවීමට Rex Indrustries ආයතනයට හැකියාව ඇති බව ඔවුන් යොදා ගනු ලබන අධි තාක්ෂණික උපකරණ හා ඉංජිනේරු තාක්ෂණය අනුව පෙනී යන බවත් දැනට නිපදවා ඇති සාම්පලය සායනික ප්‍රමිතීන්ට අනුකූල බවත් රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය සිසිර සිරිබද්දන මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ අද (29) කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ උපදෙස් අනුව මීගමුව Rex industries ආයතනය විසින් නිෂ්පාදනය කළ මෙරට ප්‍රථම දේශීය දැඩි සත්කාර ඒකක ඇඳන් සාම්පලය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ලෝක පරිමාණ කොරෝනා ව්‍යාප්තියත් සමග ශ්‍රී ලංකාවට ඉදිරියේ දී දැඩි සත්කාර ඒකක ඇඳන් හිඟයකට මුහුණ දීමට සිදුවිය හැකි බවත් එම අභියෝගයට කල්තියා සූදානම් වන කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යවරයාගේ මෙම සද්කාර්යයට දායක වීමට ලැබීම සතුටට කරුණක් බවත් මහාචාර්ය සිසිර සිරිබද්දන මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට එම ආයතනය වෙනුවෙන් එහි අධ්‍යක්ෂ, යාන්ත්‍රික ඉංජිනේරු සහන් ප්‍රනාන්දු මහතා එක්ව සිටි අතර ඔහු මෙම දැඩි සත්කාර ඒකක ඇඳන් නිෂ්පාදන ක්‍රියාවලිය මාධ්‍ය වෙත පැහැදිලි කර දුන්නේය .

මාධ්‍ය ඒකකය
කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යංශය
2020.03.29



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More