නාත්තණ්ඩිය මාරවිල ප්‍රදෙශයේ මොහොමඩ් ෆුවාඩ් ෆාරුක් නමැති පුද්ගලයා පසුගිය මාර්තු 11 වැනිදා ඉන්දියාවේ චෙන්නායි නුවර බලා ගොස් ඇති අතර ඔහු ඊට පසුදින යළි මවුබිමට පැමිණ ඇති බව වාර්තාවේ. මව්බිමට පැමිණීමෙන් පසු මෙම පුද්ගලයා ස්වයං නිරෝධායනයකට ලක්ව නොසිටි බව ද සෞඛ්‍ය අංශ වෙත අනාවරණ වී තිබේ.
ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පැමිණි ඔහු කොළඹ පිටකොටුව ප‍්‍රදේශයෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගෙන මාරවිල ප‍්‍රදේශයේ නිවාස 100 කට පමණ බෙදා දී ඇති බව ද හෙලිවී ඇති බව මාධ්‍යය වාර්තා පෙන්වා දෙයි.
ඔහුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවීමත් සමග ඔහු පදිංචිව සිටි නාත්තණ්ඩිය මාරවිල ගැමුණු මාවත ප‍්‍රදේශයේ පිහිටි නිවාස 10 ක සිටි පුද්ගලයින් නිවෙස්වලම නිරෝධායනයට ලක් කිරීමට ද අදාල අංශ මේ වනවිට පියවර ගෙන තිබෙන බවද වාර්තාවේ.
මේ අතර, පුත්තලම නූර් මස්ජිද් පාරේ දෙවන පටුමග ප‍්‍රදේශයෙන් හඳුනා ගැනුණු තුවාන් අහුමදු තුවාන් හලීම් නැමැති COVID-19 වෛරසය ආසාදිතයා ආගිය තැන් පිළිබඳ ද තොරතුරු රැසක් අනාවරණ වී ඇති බවද වාර්තා වේ.
ඔහු ඉකුත් පෙබරවාරි 26 වැනිදා මිතුරන් 05 දෙනෙකු දිවයිනෙන් පිටත්ව සමග තායිලන්තය, ඉන්දුනීසියාව සහ මැලේසියාව යන රටවල සංචාරය කර ඇති බව ද හෙළිදරව් වී තිබේ. මේ වනවිට මෙම COVID-19 වෛරසය ආසාදිතයාගේ සහ ඔහුගේ මිතුරන්ගේ පවුලේ සාමාජිකයින් ඇතුලූ පුද්ගලයින් 125 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කිරීමටයි සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබෙන බවද වාර්තා වේ.
මාරවිල ප්‍රදේශයෙන් හඳුනා ගැනුනු නව කොරෝනා ආසාදිතයාගේ බිරිඳට ද එම වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනබව මාද්‍ය වාර්තා පෙන්වා දේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...