දේශීය පුවත්

වසංගත රෝග විද්‍යා අංශය විසින් ඊයේ(29 ) දිනයට අදාලව නිකුත් කෙරුණු අද (30) පෙරවරු 10:00ට නිකුත් කෙරුනු වාර්තාවට අනුව වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව පෙර දිනයට සාපේක්ෂව අඩුවක් දක්නට ලැබුනද ප්‍රස්ථාරය තව දුරටත් ඉහළ යෑමක් දකින්නට ලැබේ.වාර්තාවට අනුව ඊයේ දිනයේදී අළුතින් ආසාදිතයන් 5 දෙනෙකු වාර්තා වී ඇත.ඒ අනුව සමස්ත COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 120 දක්වා ඉහළ ගොස් ඇත.

රෝගීන් වාර්තාවන ආකාරය ප්‍රස්තාරගත කිරීම මගින් ලැබෙන දත්ත පුරෝකතනය කිරීමෙන් එළඹිය හැකි නිගමනය වන්නේ හෙට දිනයේදී නව ආසාදිතයන් 6 දෙනෙකු පමණ වාර්තා වීමට ඉඩ ඇති බව යැයි විද්වතුන් පවසති. කෙසේ වුවද රජයේ වෛද්‍යය නිළධාරීන්ගේ පුරෝකතනයට අනුව ආසාදිතයන් 552ක් දැන හෝ නොදැන සමාජය තුළ සැඟවී සිටීමට ඉඩ ඇති බවයි.

මෙම තත්වය පාලනය කිරීම පිණිස සමාජ දුරස්ථීකරණය අත්‍යයවශ්‍යම කාරණයක් බව ඔවුන් ඇතුළු විශේෂඥයන්ගේ මතයයි. සමහර විද්වතුන්ගේ මතයට අනුව දකුණු කොරියාව COVID-19 වෛරසය මර්ධනයේදී අණුගමනය කළ යුතු විද්‍යාත්මක ක්‍රමවේදය මේ අවස්ථාවේදී අපරටට ඉතා වැදගත් බවයි.

ඒ අනුව අඩු මුදලක් සහ අඩුම කාලයක් වැය කොට ඉක්මණින් වෛරසය වැළඳී ඇති අය හඳුනාගැනිමට අවශ්‍ය උපකරණ ඉක්මනින්ම ආනයනය කොට ආසාදිතයන් හඳුනාගෙන  වෙන් කිරීමත් පරීක්ෂණයට බඳුන් කළ වෛරසය වැළඳී නැතැයි හඳුනාගත් අය නැවත වාර දෙකක් පමණ පරීක්ෂණයට ලක් කිරීම මගින් ඒ අය තව දුරටත් සුපරික්ෂාකාරි තත්වයේ තබා ගැනීමත් කළ යුතුය.

එමගින් රෝහලට එන රෝගීන් සංඛ්‍යාව අවම කිරීම සහ නව ආසාදිතයන් රෝහලට එන කාලය පහු කිරීමද වන බව ඔවුන්ගේ මතයයි. කෙසේ වුවද මේ දක්වා රජය ගෙන ඇති ක්‍රියාමාර්ගත් රජය ගන්නා ක්‍රියා මාර්ග වලට ජනතාව දක්වන අනුකූලතවයත් ප්‍රශස්ත මට්ටමක වන බව විද්වතුන්ගේ මතයයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More