දේශීය පුවත්

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්ක හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලට පනවා තිබූ ඇඳිරි නීතිය මේවනවිට තාවකාලිකව ඉවත් කර තිබේ.

එම දිස්ත්‍රික්ක සඳහා අද (30) පස්වරු 02.00 සිට යළි ඇඳිරි නීතිය පැනවීමට නියමිතයි.

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්ක 06 හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලට පනවා තිබූ ඇඳිරි නීතිය අද උදෑසන 6.00 ට තාවකාලිකව ඉවත් කෙරුණේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සපයාගැනීම සඳහායි.

ඇඳිරි නීතිය ඉවත් කෙරෙන ප්‍රදේශවල අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් වේ.

බොහෝ ප්‍රදේශවල ජනතාව සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් නගරවල හැසිරෙන ආකාරය දැකගත හැකි විය.

කෙසේවෙතත් ඇතැම් ස්ථානවල ජනතාව හැසිරී තිබුණේ සෞඛ්‍ය උපදෙස් කෙරෙහි අවධානය යොමු නොකරමින්.

මේ අතර ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග ඖෂධ ලබා ගැනීම සඳහා ඔසු සල් අසල ජනතාව පෙළ ගැසී සිටිනු දක්නට ලැබුණි.

ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කෙරුණද බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ, බණ්ඩාරවෙල, හපුතලේ සහ දියතලාව යන ප්‍රදේශවල තොග සහ සිල්ලර වෙළඳසැල් මෙන්ම සුපිරි වෙළඳසැල්ද වසා දැමීමට තීරණය කර ඇති බව බණ්ඩාරවෙල පොලිස් අධිකාරී අතුල ද සිල්වා මහතා සඳහන් කළේය.

ඒ, බණ්ඩාරවෙල නගරයෙන් කොරෝනා ආසාදිතයෙකු සොයාගැනීම හේතුවෙන් ජනතාව ආරක්ෂාක කරගැනීමේ පූර්ව ක්‍රියාමාර්ගයක් ලෙසයි.

කෙසේවෙතත් එම ප්‍රදේශවල රාජ්‍ය හා පෞද්ගලික බැංකු විවෘතව පවතියි.

ඇඳිරි නීතිය ඉවත් කළද අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුණුවැව, කහටගස්දිගිලිය සහ හොරොව්පතාන යන නගරවල වෙළෙඳසල් වසා තැබීමට පොලිසිය පියවර ගත්තේය.

මහනුවර අකුරණ ප්‍රදේශයෙන් හමුවු කොරෝනා අසාදිත පුද්ගලයා මෙම ප්‍රදේශවල සංචාරය කර ඇති බවට ලැබුණු තොරතුරු හේතුවෙන් ජනතාව ගැවසීම අවම කිරීමට මේ පියවර ගෙන තිබුණි.

අනුරාධපුර නොච්චියාගම නගරයේ වෙළෙඳසල්ද අද විවෘත නොකිරීමට එම වෙළෙඳ සංගමය තීරණය කර තිබුණේ ජනතාව සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකිරීමෙන් ඇතිවන තත්ත්වය වළක්වා ගැනීමේ අරමුණින්.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More