මුහුණු පොතෙන්

තමන්ගේ කියා තිබූ ඉඩ කඩම් දරුවන්ට පවරා දීම නිසා සියල්ල අහිමිවී මහ මගට වැටුණු යුවළක් හලාවත බස්පොළේ ජීවත් වෙති.

ධර්මදාස (අවු:74) සහ එමලින් (අවු:70) යුවළ කාලයක් පදිංචිවී සිට ඇත්තේ ගල්කිස්ස ප්‍රදේශයේය. මේ වන විට එම යුවළගේ නවාතැම්පළ බවට පත්ව ඇත්තේ හලාවත නගරයේ ඇති පෞද්ගලික බස් නැවතුම්පළය.

දරුවන් සිව් දෙනෙකුගේ මව්පියන් වන මෙම යුවළට වර්තමානයේ හව්හරණක් නැත. මේ දිනවල පවතින ඇඳිරි නීතිය නිසා ඔවුන්ට බත්පතක් හෝ ලැබෙන්නේ නැත. ඉඳහිට හෝ පිහිට වූවා නම් ඒ හලාවත පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් පමණි.

වර්තමානයේ තමන් පත්ව සිටින තත්ත්වය සම්බන්ධයෙන් එමළින් මහත්මිය මෙසේ පවසයි.

“අපිට දරුවෝ හතර දෙනෙක් ඉන්නවා. මම අංශභාග රෝගියෙක්. මහත්තයා වකුගඩු රෝගියෙක්. අපිට තිබුණු දේපළ සියල්ල දරුවන්ට ලියලා දුන්නේ කොයි වෙලාවේ අපි දෙන්නා මිය යයිද කියලා දන්නේ නැති නිසයි. කිව්ව විදියටම අපි දෙන්නම රෝගී වුණා. දෙන්නම ප්‍රතිකාර සඳහා රෝහල් ගත වුණා. රෝහලෙන් ඇවිත් බලන කොට දරුවෝ දේපළ ඔක්කොම විකුණලා දාලා වෙන පළාත්වලට ගිහිං. ඒ අය ඉන්න තැනක් අපි දන්නේ නෑ. ඊට පස්සේ අපිට යන්න එන්න තැනක් නැති නිසා මේ බස්නැවතුම්පළට ආවා. දැන් ඉතිං මියැදෙනකල් මෙතනම තමයි ඉන්න වෙන්නේ”

තමන්ගේ දුක පැවසූ ධර්මදාස මහතා

“මේ දවස්වල කඩවල් වහලා නිසා තේ එකක් බොන්නවත් තැනක් නැහැ. පොලිසියේ මහත්තුරු නම් ඉඳලා හිටලා අපිට මොනවා හරි ගෙනත් දෙනවා. අපිට කව්රු හරි මැදිහත් වෙලා ඉන්න තැනක් සකස් කරලා දෙනවා නම් ඒක ලොකු පිනක් මහත්තයෝ” යැයි පවසයි.

දරුවන් සිව් දෙනකු සිටියත් ධර්මදාස යුවළට අද උරුම මහ පාර පමණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More