දේශීය පුවත්

රටේ වත්මන් ගැටලුවලට මූලික වී ඇත්තේ ආගමික නායකයින්ගේ අනුශාසනා සහ උපදෙස් පිළි නොගෙන රජය ක්‍රියා කිරීම බව හිටපු ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
කුලියාපිටිය, තල්ගහ‍පොත්ත පරමගිරි රජමහා විහාරයේ පැවැති උත්සවයකට සහභාගි වෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් ප්‍රකාශ කළේය.

“මම ආරක්ෂක ‍ලේකම් වශයෙන් සිටින අවස්ථාවලදී මෙවැනි සිද්ධීන් වූ අවස්ථාවල සියලු ආගමික නායකයන් කැඳවා ප්‍රධාන ස්වාමීන් වහන්සේලාගේ අදහස් විමසලා තමයි ක්‍රියා කළේ.

අද අපේ රටේ ආගම, සංස්කෘතිය මේ ඔක්කොම රාජ්‍ය නොවන සංවිධාන මැදිහත් වෙලා විනාශ කරමින් සිටිනවා. රටේ ස්වෛරීභාවය අමතක කරලා ආරක්ෂාව අමතක කරලා තිබෙන තත්ත්වයක් තිබෙන්නේ. මේ කරුණු නිසා අද විවිධ ජන කොටස් අතර ගැටුම්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.
අපි ව්‍යවස්ථාවේ සඳහන් කරනවා බුද්ධාගමට මූලික තැන දෙනවා කියලා. ඒත් අද එය වචනයට පමණක් සීමා වෙලා.” යැයි ඒ මහතා පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More