කොවිඩ් වෛරසය අසාදනය වීමෙන් මියගිය දෙවන පුද්ගලයාගේ අවසන් කටයුතු ඊයේ(30) මධ්‍යම රාත්‍රීයේ සිදුකර තිබේ.
මීගමුව මහනගර සභාවට අයත් පොදු සුසාන භුමියේ දි ඔහුගේ දේහය අදාහනය කෙරෙනු බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
මෙම අවස්ථාව සඳහා මීගමුව දිස්ත්‍රික් මහා රෝහලේ ප්‍රධානීන් , මීගමුව කොච්චකඩේ පොලිස් ස්ථානයේ නිලධාරින් සහ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරු එක්ව සිට තිබේ.
නිරෝධායන පනතට අනුව ඥාතීන් දෙදෙනෙකුට පමණක් අවසන් කටයුතු සඳහා සහභාගි විය හැකි අතර එහෙත් ඔහුගේ සිදුකරන අවස්ථාවට කිසිදු ඥාතියෙකු පැමිණ නොසිටි බව වාර්තා වෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...