දේශීය පුවත්

ලොම කුමන රටක සිට හෝ මාර්තු 10 වැනිදායින් පසුව මෙරටට පැමිණි පිරිස් ස්වයං නිරෝධායන ක්‍රියාවලිය සඳහා වහාම ලියාපදිංචි වන ලෙසත් එසේ නොවුණහොත් අපරාධ නීතිය යටතේ ඔවුන්ට ඉතා දැඩිව ක්‍රියාකරන බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

පුත්තලම – කඩයන්කුලම, බණ්ඩාරගම – අටුළුගම, අකුරණ – තෙලඹුගහවත්ත යන ග්‍රාමයන්හි දී කොරෝනා ආසාදිතයින් හමුවීමත් සමඟ කරනු ලැබූ විමර්ශණවලදී එම පුද්ගලයින් ලංකාවට විදේශයන්හි සිට පැමිණි බවත්, ඔවුන් ස්වයං නිරෝධායන ක්‍රියාවලිය සඳහා ලියාපදිංචි වී නොමැති බවත් තහවුරු වූ බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

එලෙස ස්වයං නිරෝධායනයට ලක් නොවූ ඉහත කී ගම්මාන මේ වන විට සම්පූර්ණයෙන්ම වසාදමා ඇති බවද අජිත් රෝහණ මහතා කීය.

මෙතෙක් ලියාපදිංචි නොවූ පිරිසට ලියාපදිංචිය සඳහා 119 හෝ ළඟම ඇති පොලිස් ස්ථානය හෝ 1933 දුරකථන අංකය අමතා ලියාපදිංචි විය හැකි බවද හෙතෙම කියා සිටියේය.

එලෙස නොකරන පුද්ගලයින්ගේ දේපොළ පොලීසිය භාරයට ගනු ලබන බවත්, එවැනි පුද්ගලයින් අත්තඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාමාර්ග ගැනිමට කටයුතු කරන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා ජනතාවට අනතුරු හැඟවිය.

එසේම සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අසතය ප්‍රචාර, ජනතාව කැළඹෙන ආකාරයේ අසත්‍ය ප්‍රචාර හුවමාරු කර ගැනීමෙන් වළකින ලෙසත්, එලෙස ක්‍රියාකරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරනු ලබන බවද ඔහු සඳහන් කළේය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More