යුරෝපයේ බොහෝ රටවල් COVID-19 වෛරසය වසංගත තත්වයකට පත්වීම වැලැක්වීම පිණිස හැකි සෑම උත්සාහයක්ම ගනිද්දී ස්වීඩනය එවැනි උත්සාහයක් නොගෙන ව්‍යාපාරික කටයුතු කරගෙන යාමට තම ජනයාට ඉඩ දී ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.
ඒ අනුව ස්වීඩනය තම අසල්වැසි රටවල් වන නෝර්වේ සහ ඩෙන්මාර්ක් යන රටවල් COVID-19 වෛරසය පැතිරීම පාලනය කිරීමට ගෙන ඇති ක්‍රියා මාර්ගවත් ගෙන නැති බවද විදෙස් මාධ්‍යය පවසා සිටී.ස්වීඩනය විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයාතන වසා දැමීමට කටයුතු කළද පෙර පාසල් , ළදරු පාසල්,තැබෑරුම්, ආපනශාලා, ක්‍රීඩා සංගම් වල කටයුතු සහ කොන්ඩා සැකසුම් මධ්‍යස්ථාන පවා විවෘතව තැබීමට අවසර දී තිබේ.
ස්වීඩනය පනවා ඇති එකම නීතිය වන්නේ කන්ඩායම් වශයෙන් පවත්වන රැස්වීම් මිනිසුන් 50කට පමණක් සීමා කළ යුතු යැයි යන සීමාව පමණි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ස්වීඩන අගමැති ස්ටෙෆන් ලොව්ෆන් මහතා ” පුද්ගලයන් වශයෙන් අප එකිනෙකාට වගකීමක් තිබෙනවා එම වගකීම ඉටු කිරීම හැර රජයක් ලෙස නීති පැනවීම අපට කළ නොහැකියි” යනුවෙන් ප්‍රකාශ කර සිටියේය.
මූලාශ්‍ර – www.rt.com/news
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...