කලුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී හමුවූ කොරොනා ආසාදිතයා රැඳී සිටි 5 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිට රෝහලින් පිටව ගොස් තිබූ පුද්ගලයකුට අයත් කහපොල රෙජිඩෙල්වත්ත වත්ත ප්‍රදේශයේ නිවසක් අද( 31) උදෑසන නිරෝධායන නිවසක් බවට නම් කළ බව කැස්බෑව සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
මෙම නිවසේ එම පුද්ගලයාගේ බිරිඳ ,පුතා , ලේලිය සහ කුඩා දරුවකු ද සිටින බව සෞඛ්‍ය වෛද්‍ය වෛද්ය නිලධාරි කාර්යාලය කියා සිටියේ ය.
මෙම පුද්ගලයා කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඉකුත් 28 දා රෝහලින් පිටව ගොස් නිවසට නිවසට පැමිණ ඇති අතර ඒ බව දැනගත් අසල්වාසීන් පිළියන්දල පොලිස් ස්ථානය දැනුවත් කිරීමත් සමඟ අද 31 දා අලුයම පොලිස් නිලධාරීන් එම නිවසට පැමිණ නිවසේ පදිංචි කරුවන්ට නිවසින් පිටතට නොයන ලෙසට උපදෙස් ලබා දුන් බව පැවසේ.
පසුව මේ පිළිබඳව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය දැනුවත් කිරීමක් කිරීමත් සමග කහපොල මහජන සෞඛ්‍යය පරීක්ෂක අසිත හසිත ලක්ෂාන් මහතා ඇතුළු නිලධාරීන් 31 දා උදෑසන 8.30 ට පමණ එම නිවසට පැමිණ නිවැසියන්ට සෞඛ්‍ය සෞඛ්‍යාරක්ෂිත උපදෙස් ලබාදී අදාල නිවස නිරෝධායන නිවසක් බවට නම් කළ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වැඩිදුරටත් කියා සිටිය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...