ප‍්‍රධාන පුවත්

අමෙරිකා එක්සත් ජනපදය මේ වන විට වැඩිම COVID-19 වෛරසය ආසාදිත රෝගින් සිටින රට බවට පත් වෙමින් සිටින්නේ ඉතාලිය සහ ස්පඤ්ඤය අභිබවා යමිනි. අමෙරිකා එක්සත් ජනපදය මුහුණ දෙන තත්වයෙන් නිදහස් වීම පිණිස චීනය සහ රුසියාව අමෙරිකා එක්සත් ජනපදයට වෛද්‍යය ආධාර යැවීමට කටයුතු කර ඇත.ඊයේ(30 ) ධවල මන්දිරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදි අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව සනාථ කළේය.”චීනය අපට බොහෝ දෑ එවා තිබෙනවා.

ඒවා ප්‍රමාණයෙන් අති විශාලයි. රුසියාව  විශාල ගුවන් යානයක් පිරෙන්නට අපට භාන්ඩ එවා තිබෙනවා.වෛද්‍යය උපකරණ ඒ අතර ප්‍රධානයි.” යනුවෙන් මාධ්‍යය වෙත පවසා සිටියේය. කෙසේ වුවද ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ලැබුණු ආධාර මොනවාද යන්න විස්තර නොකිරීමට වග බලා ගත්තේය.

මීට පෙර පැවති මාධ්‍යය සාකච්ඡාවකදී අමෙරිකානු ජනාධිපතිවරයා පවසා සිටියේ COVID-19 වෛරසය මැඬලීමට දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග වල යම් තීව්‍ර කිරීම් කිරීමට සූදානම් බවත් කිසිම විදියකින් ජාතික මට්ටමේ නිරෝධායන ක්‍රියාවලියකට යාමට අදහස් නොකරන බවයි.

ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය මෙම මාධ්‍යය වාර්තාව සකස් කරන මොහොත වන විට ඉදිරිපත් කළ වාර්තාවට අනුව අමෙරිකා එක්සත් ජනපදය පුරාවටම වෛරසය ආසාදිතයන් 153200ක් සහ වෛරසය ආසාදනයෙන් සිදුවී ඇති මරණ 2800ක් සිදුවී ඇති බව පැවසේ.

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com

මූලාශ්‍ර – sputniknews.com/us



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More