දේශීය පුවත්

ජාතික ආණ්ඩුව මගින් යම් සාධනීය වැඩ කොටසක් සිදුවුණද සමාජය තුළ පවතින විවිධ ගැටලු හමුවේ එම මාතෘකා ඉහළට පැමිණෙන අතර ආණ්ඩුව මගින් සිදුකරනු ලබන වැඩ කොටස් මතුනොවී යට යන තත්ත්වයක් මතුවී තිබෙන බව තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය ප්‍රකාශ කරයි.
එම නිසා සමාජයේ පවතින සියලුම ගැටලු ගැන අවධානය යොමුකොට එම ගැටලු කඩිනමින් විසදීමේ යන්ත්‍රණයකට ජාතික ආණ්ඩුව ගමන් කළ යුතු බවත් ඒ ගැන එක්සත් ජාතික පක්ෂයේත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් අවධානය යොමු විය යුතු බවත් නියෝජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දෙයි.
නියෝජ්‍ය අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ මොණරාගල ප්‍රාදේශිය සභා ගොඩනැගිල්ල මොණරාගල සතිපොළ සහ නගරයට පිවිසෙන අතුරු මාර්ගය විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිණි. මෙම විවෘත කිරීම් පසුගියදා සිදුකෙරුණේ තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය සහ ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ ප්‍රධානත්වයෙනි.
“ජාතික ආණ්ඩුවක් යටතේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකට වැඩකිරීමට ලැබීම අලුත් අත්දැකීමක්. එහි යම් යම් ප්‍රායෝගික ගැටළු තිබෙනම් ඒවා කඩිනමින්ම විසදාගැනීමට දේශපාලන පක්ෂ දෙකේම නියෝජිතයින් අවධානය යොමුකළ යුතුයි. එසේ නොවෙනවානම් ජාතික ආණ්ඩුව මගින් සිදුකරණු ලබන යම් සාධනීය කරුණක් පවා ජනතාව අතරට යන්නේ නැහැ.
විවිධ විරෝධතා, වෘත්තීය සමිති ඉල්ලීම්, සයිටම් ගැටළුව, ආර්ථික ප්‍රශ්න, ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර සිද්ධිය ඇතුළු කරුණු ගණනාවක්ම සමාජයේ බොහෝ ක්ෂේත්‍රවල ගැටලු වශයෙන් පැනනැගිලා. මේ ගැටළු ගැන එකින් එක අවධානය යොමුකොට එම ගැටළුවලට කඩිනමින් විසදුම් ලබාදිය යුතුයි.
මොණරාගල දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණදුන් ප්‍රධාන ගැටළු කිහිපයකට අද විසදුම් ලබාදෙන්න හැකිවුණා. නව ප්‍රාදේශිය සභා කාර්යාල ගොඩනැගිල්ල ජනතා අයිතියට පත්කිරීම ඉතාම වැදගත්. තමන්ගේ අවශ්‍ය කටයුතු සඳහා ප්‍රාදේශිය සභා කාර්යාලයට එන පොදු මහජනතාවට මෙය ඉතා ප්‍රයෝජනවත්. වසර ගණනාවක් තිස්සේ මෙම ගැටළුව පැවතුණු අතර අද ඊට විසදුම් ලැබුණා.
මොණරාගල සතිපොළ විවෘත කිරීමත් ජනතාවට ඉතා වැදගත් වෙනවා. නගරයට පිවිසෙන අතුරු මාර්ගය විවෘත කිරීමෙන් මොණරාගල නගරයේ වාහන තදබදයට විසදුමක් ලැබී තිබෙනවා. ඉදිරියටත් මොණරාගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් සංවර්ධන කටයුතු රැසක් සිදුකිරීමට නියමිතයි. යනුවෙන්ද තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජීත ජයසේන මහත්මිය මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
සභා ශාලාව, නව ශ්‍රවනාගාරය ඇතුළු ඉදිකරනලද මොණරාගල ප්‍රාදේශිය සභා කාර්යාලය සඳහා වැයවී ඇති මුදල රුපියල් මිලියන 54ක් පමණ වේ.
මොණරාගල සතිපොළ සහ නගරයට පිවිසෙන අතුරු මාර්ගය සඳහා වියදම් කර ඇති මුදල රුපියල් මිලියන 50ක් පමණ වේ.
සුමේධා ජී. ජයසේන නියෝජ්‍ය අමාත්‍යවරියගේ ඉල්ලීමකට අනුව මෙම සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් මෙම මුල්‍ය ප්‍රතිපාදන ලබාදී තිබෙන්නේ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයයි.
මෙම අවස්ථාවට සහභාගී වු මොණරාගල වැසියන් කියා සිටියේ තමන්ට අත්‍යවශ්‍යවූ මෙම පහසුකම් සපයාදීම සදහා මෙම සංවර්ධන ව්‍යාපෘති ඉදිකර ජනතා අයිතියට පත්කිරීම සම්බන්ධයෙන් තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජීත ජයසේන මහත්මියට මොනරාගල ජනතාවගේ ප්‍රණාමය හිමිවන බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More