තවත් කොරෝනා රොගීන් දෙදෙනෙක් අද (31) සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇත.
මේ අතර මෙරටින් වාර්තා වන, නව කොරෝනා ආසාදිතයින්ගේ ගණන 122 දක්වා ඉහළ ගියේ අලුතින් ආසාදිතයන් පස් දෙනකු වාර්තා වීමත් සමඟයි.
ඒ අනුව මේ වන විට ආසාදිතයන් 16 දෙනකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.
රෝහල් ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයන් ගණන 107 ක්.
කොරෝනා ආසාදනය වී ඇතැයි සැක පිට පුද්ගලයන් 104 දෙනකු මේ වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව සිටිනවා.
මේ අතර කොරෝනා වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වූ අයෙකු හමු වීමත් සමග දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අදාළ වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගින් සහ කාර්යය මණ්ඩලය නිරෝධායනයට ලක්කිරිමට පියවර ගෙන තිබේ.
එම වාට්ටුවේ සේවය කළ වෛද්‍යවරුන් ඇතුලු කාර්යය මණ්ඩලය මහරගම ගුරු අභ්‍යාස විද්‍යාල නේවාසිකාගාරයේ දින 14 කාලයක් නිරෝධායනයට ලක් කරන අතර රෝගින් හෝමාගම මුළික රෝහල තුළ දින 14ක කාලයක් නිරෝධායනයට ලක්කිරීමට පියවර ගෙන තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...