දේශීය පුවත්

මාර්තු 29 දිනයට සාපේක්ෂව මාර්තු 30 දිනයේදී COVID-19 වෛරසය ආසාදිතයන්ගේ වාර්තාවීම අඩුවක් දක්වන බව වසංගත රෝග විද්‍යා අංශය අද(31) දින නිකුත් කළ ඔවුන්ගේ දෛනික වාර්තාව මගින් පෙන්වා දෙයි. ඒ අනුව 29 වන දින අළුතින් ආසාදිතයන් 5ක් වාර්තා වූ අතර 30 වෙනි දින වාර්තා වී ඇත්තේ ආසාදිතයන් 2ක් පමණි. සමාජ දුරස්ථීකරණය ශ්‍රී ලංකාව තුළ යහපත් ප්‍රතිඵල අත්කර දෙමින් තිබෙන බව මේ අනුව තහවුරු වන බව විද්වතුන්ගේ මතයයි.

කෙසේ වුවද රජයේ වෛද්‍යය නිළධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව තව දුරටත් සමාජ දුරස්ථීකරණය තීව්‍ර මට්ට්මට ගෙන නොආවොත් බරපතල තත්වයකට මුහුණ දෙනු ඇති බවයි. එහි සභාපති වෛද්‍යය අනුරුද්ධ පාදෙණිය මහතා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව දැනට පනවා ඇති සංචරණ සීමාවන් 50% ඉක්මවා නොයන බවයි.

මුහුණ දී තිබෙන තත්වයෙන් ශ්‍රී ලංකාව ගොඩ ඒමට නම් සංචරන සීමාව 70%ත්-80%ත් අතර මට්ටමකට ගෙන ආ යුතු බව ඔවුන්ගේ මතය වී තිබේ.ඒ සඳහා රජය දැනට ඇඳිරි නීතිය සම්බන්ධයෙන් දක්වන ලිහිල් ප්‍රතිපත්තිය මීට වඩා තීව්‍ර මට්ටමකට ගෙන ආ යුතු බව ඔවුන්ගේ යෝජනාව වේ. ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය ඇගයීමට ලක් කරන දේශ හිතෛශී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍යය වසන්ත බංඩාර මහතා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව COVID-19 වෛරසය ආසාදනයේ තුන්වන අවධියේ ගතකරන බවත් වහාම සැකකටයුතු සියළු දෙනා රෝගය සඳහා පරික්ෂා කිරීම ඉතාම වැදගත් බවයි.

ජර්මනිය, සිංගප්පූරුව, කොරියාව, චීනය එම උපාය මාර්ගය යම් තරමක් පමා හෝ වී යොදා ගත් නිසා ඔවුන්ගේ වසංගත ප්‍රස්තාරය පහතට ගමන් කල බව ඔප්පු වී තිබෙන බවත් එතුමා පෙන්වා දෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව එම රටවල් අනුගමනය කළ ක්‍රියාවලිය අනුගමනය කර වසංගත ප්‍රස්තාරය පහළ මට්ටමක තබා ගතහොත් ශ්‍රී ලංකාව ඉතාලිය ස්පාඤ්ඤය වැනි රටවල් මුහුණ දුන් තත්වයෙන් මිදිය හැකි බවත් ඔහු පෙන්වා දේ. කෙසේ වුවත් වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ වාර්තාව අධ්‍යයනයෙන් පෙනී යන්නේ ශ්‍රී ලංකාව තුළින් හෙට දිනයේ ආසාදිතයන් 5දෙනෙකු හෝ ඊට වැඩි ගණනක් වාර්තා වීමට ඉඩ ඇති බවයි.

සියළුම රටවලින් ඊයේ දිනයේදී නව අසාදිතයින් 58411 වාර්තා වූ අතර එය 29 වන දින අළුතින් වාර්තා වූ වෛරසය ආසාදිතයන් ගණන වූ 63159 ට වඩා ආසාදිතයින් 4748ක අඩු වීමකි.අමෙරිකා එක්සත් ජනපදයෙන් ඊයේ දිනයේදී ආසාදිතයින් 19332ක් අළුතින් වාර්තා වූ අතර එය 29 වනදින එරටින් වාර්තා වූ රෝගීන් 18093 ට වඩා ආසාදිතයින්1239 දෙනෙකුගේ වැඩිවීමකි. එක්සත් රාජධානිය 30වනදා ආසාදිතයින් 2433ක් වාර්තාවලට එක් කළ අතර එය 29 වනදින එක්සත් රාජධානිය වාර්තා කළ ආසාදිතයන් 2546 ට වඩා ආසාදිතයින් 113ක අඩු වීමකි. ඉතාලියද 29 වන දින වාර්තා කළ ආසාදිතයින් 5974ට වඩා අසාදිතයින් 757ක් අඩුවෙන් හෙවත් අසාදිතයින් 5217ක් මාර්තු 30 වන දින දී වාර්තා කළේය.

COVID-19 වෛරසය ආසාදනයෙන් සමස්ත ලෝකය පුරා රටවල් 201කින් ඊයේ දිනට මරණ 33106ක් වාර්තා වී ඇති අතර සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 693224කි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More