දේශීය පුවත්

මීගමුව රෝහලේදී ඊයේ දිනයේ්දී ජීවිතක්ෂයට පත් වූ නව කොරෝනා ආසාදිතයා පදිංචිව සිටි මීගමුව පෝරුතොට ප‍්‍රදේශය මේ වනවිට වසා දමා තිබේ.

එසේම අදාළ පුද්ගලයාගේ නිවසේ සිටි පුද්ගලයින් 16 දෙනෙකුද නිරෝධායනයට ලක් කර ඇති බව ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කළේය.

64 හැවිරිදි අදාල පුද්ගලයා විදේශ රටක සිට මෙරටට පැමිණි අයෙක් නොවන අතර ඔහුගේ පවුලේ කිසිදු ඥාතියෙක් හෝ මෑත කාලයේදී විදේශ රටක සිට නිවසට පැමිණි බවට වන තොරතුරු නොමැති බව මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ වැඩිදුරටත් ප්‍රකාශ කර කළේය.

අදාළ පුද්ගලයාට ඇතිවූ ශ්වසන අපහසුතාවයන් නිසා මිගමුව ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන දෙකකින් ඒ සඳහා නෙබියුලයිසර් (හුස්ම ගැනීමට පහසු කරවන ප්‍රතිකාර ක්‍රමයක්) කර ගෙන ඇත ඇති අතර ඒ අනුව එම වෛද්‍ය මධ්‍යස්ථානයේ සේවය කළ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ නිලධාරීන් 30 දෙනෙක් පමණ මේ වන විට ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More