දිවයිනේ සියලු විහාරස්ථානවල අද සිට දින 7 ක්, රාත්‍රී 7 සිට 8 දක්වා කාලය තුළ ආශිර්වාද පූජා පැවැත්වේ.
ඒ, ත්‍රෛනිකායික මහනාහිමිවරුන් කළ දැනුම්දීමකට අනුවයි.
අදාළ කාල සීමාව තුළ සියලු විහාරස්ථාවල ඝාණ්ඨාර නාද කර, ශබ්ද විකාශන යන්ත්‍ර මගින් පන්සිල් සමාදන් කළ යුතු වේ.
අනතුරුව බුද්ධ වන්දනාව සිදුකර රතන සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රය ඇතුළු පිරිත් දේශනා කර රටවැසියන්ට සහ ලෝකවාසීන්ට නීරෝගීභාවය මෙන්ම ජීවිතාරක්ෂාව පතා සත්‍යක්‍රියා සිදුකළ යුතුයි.
ත්‍රෛනිකායික මහනාහිමිවරුන් පෙන්වා දෙන්නේ, එය විශාල අධ්‍යාත්මික බලයක් වී, ඉන් රටවැසියන්ට මෙන් ම ලෝකවාසීන්ට යහපතක් වන බවයි.
රජය ලබාදෙන උපදෙස් පිළිපදිමින් නීතිගරුකව, නිවෙස්වල සිට එම උතුම් ක්‍රියාව හා සම්බන්ධ වන්නැයි උන්වහන්සේලා ජනතාවට දැනුම් දීමක් කළේ ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...