ඉරානයේ සිට තුර්කියට ස්වාභාවික වායු රැගෙන යන නලයක් ඉරාන තුර්කි දේශ සීමාවේ තුර්කියට අයත් සාථානයක දී පුපුරා ගොස් ඇතැයි ඉරාන රජයට අනුබද්ධ ස්වාභාවික වායු සමාගම පවසයි. සමාගමේ බෙදා හැරීම් කළමනාකරු මේදි ජමාශ්දි ජානා මහතා ප්‍රකාශ කර සිටියේ මෙය ත්‍රස්ත ප්‍රහාරයක් බවයි.
ඊයේ(31) රොයිටර් පුවත් සේවයට ප්‍රකාශයක් කරමින්”අද උදෑසන ත්‍රස්තවාදීන් ඉරාන තුර්කි දේශ සීමාවේ තුර්කිය තුළ පිහිටි බසාර්ගන් ප්‍රදේශයේදී ස්වාභාවික වායු ප්‍රවාහනය කරන නලයකට ප්‍රහාර එල්ල කරනු ලැබුවා.” යනුවෙන් ප්‍රකාශ කර සිටියේය. කුර්දි කම්කරු පක්ෂයේ ගරිල්ලා භටයන් මෙම ප්‍රදේශයේ දී සක්‍රියව සිටින බව පවසන ඉරාන රජය මීට පෙරද ඔවුහු මෙම ප්‍රදේශයේදී ස්වාභාවික වායු ප්‍රවාහන නල ඉලක්ක කර ප්‍රහාර එල්ල කළෝය.
කෙසේ වුවද සමාගමේ මාධ්‍යය ප්‍රකාශකයෙකු වන මොහොමඩ් අස්ගාරි මහතා පවසා සිටියේ මෙය ත්‍රස්ත ප්‍රහාරයකින් සිදු වූ පිපිරුමක් නොව ස්වයං සිද්ධව සිදුවූ පිපිරුමක් බවයි. මේ අතර විදෙස් මාධ්‍යය වාර්තා කර සිටියේ පිපිරුම නිසා ඇතිවූ ගිනි දළු මීටර් 40ක් තරම් උසට නැග ඇති බවයි. ස්වාභාවික වායු සැපයුම යථා තත්වයට පත් කිරීමට දින කිහිපයක් ගතවන බව ඉරාන සමාගම පවසයි.මේ සම්බන්ධයෙන් තුර්කි රජය මෙතෙක් කිසිදු අදහසක් පල කර නැත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...