දේශීය පුවත්

ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි වසර 100ක් පමණ පැරැණි තබ්ලික් ජමාද් නම් ඉස්ලාම් නිකායට අයත් දකුණු දිල්ලියේ පිහිටි නිසමුදින් නැමැති ඉස්ලාම් දේවස්ථානයේ පැවැති දේව මෙහෙයන් වලට සහභාගි වූ බැතිමතුන් 128 දෙනෙකු COVID-19 වෛරසය ආසාදිත වූවන් බවට හඳුනාගෙන ඇතැයි ඉන්දීය බලධාරිහු පවසති.
වෛරසය ආසාදනය වූවන් නව දිල්ලි නගරය හැරුනු කොට ජම්මු කාශ්මීර් ප්‍රාන්තය, තෙලන්ඟානා ප්‍රාන්තය,ඇසෑම් ප්‍රාන්තය,අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තය,තමිල්නාඩු ප්‍රාන්තය, අන්දමන් සහ නිකෝබාර් දූපත් වලින්ද හමුවී ඇත. මේ අතර ඉන්දීය බලධාරීන් නිශ්චිතවම වෛරස ආසාදිතයන් පතුරුවා හැරී අපි කෙන්ද්‍රය ලෙස දිල්ලියේ පිහිටි නිසමුදින් නැමැති ඉස්ලාම් දේවස්ථානය හඳුනා ගත් පසු එහි බලධාරින් හමුවී දේව මෙහෙයන්ට සහභාගි වූවන් හඳුනා ගැනීමට කටයුතු කිරීමේ දී ඉන්දීය ජාතිකයන්ට අමතරව විදෙස් රටවලින් පැමිණි බැතිමතුන් 300කට අධික පිරිසක දේව මෙහෙයන්ට සහභාගි වී ඇති බව ඉන්දීය මාධ්‍යය වාර්තා කර සිටී.

විදෙස් රටවලින් පැමිණි බැතිමතුන් අතර ඉන්දුනීසියාවෙන් පැමිණි 72ක් තයිලන්තයෙන් පැමිණි 71ක් නේපාලයෙන් පැමිණි 19ක් මැලේසියාවෙන් පැමිණි 20ක් මියන්මාරයෙන් පැමිණි 33ක් ශ්‍රී ලංකාවෙන් පැමිණි 34ක්  බන්ගලාදේශයෙන් පැමිණි 19ක් සහ කිරිගිස්තානයෙන් පැමිණි 28 ක්ද වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටි. මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරන නිසමුදින් ඉස්ලාම් දේවස්ථානයේ පාලන අධිකාරිය තමන් කිසිදු නීති විරෝධී ක්‍රියාවක් නොකළ බව පවසා සිටී. කෙසේ වුවද ඉන්දීය රජය ඔවුන්ගේ ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂෙප කරන බව ඉන්දීය මාධ්‍යය වාර්තා කර සිටින අතර ඉන්දීය රජය නිසමුදීන් පල්ලියේ පාලන අධිකාරියට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද පවසා සිටී.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විදෙස් විත්ති විචාරකයන් පවසා සිටින්නේ චීනය අමෙරිකාවෙන් ඉල්ලා සිටි ” වුහාන් නගරයට ශුන්‍යය රෝගියා පැමිණියේ කොතැනින්දැයි” යන්න හෙළි කිරීමට අමෙරිකාව අසමත් වීමත් ඩෙන්මාර්ක් ආර්ථික විශේෂඥයන් පවසන COVID-19 ට පෙර ලෝක ආර්ථිකය 70%කට වඩා බිඳ වැටී අවසන් වී තිබුනා යැයි යන ප්‍රකාශත් සැලකිල්ලට ගත් විට ඉන්දියාව මූලික කරගෙන ආසියානු කලාපයේ වැඩි ජනගහනයක් ජීවත්වන රටවල් අරමුණු කර කළ ජෛවවිද්‍යාත්මක පහරදීමක් දැයි සැක සිතීමට තරම් මෙම සිද්ධිය හේතු පාදක වන බවයි.

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com

මූලාශ්‍ර – www.ndtv.com
           – www.ndtv.com
           – www.news18.com


Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More