ව්‍යාපාරික පුවත්

COVID-19 ව්‍යාප්තිය සමග නිර්මාණය වී ඇති සාර්ව ආර්ථික තත්ත්වයන් සමාලෝචනය කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (31) ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානීන් හමු විය.

මහබැංකු අධිපති, නියෝජ්‍ය අධිපතිවරු තිදෙනා, බැංකු අධීක්ෂණය භාර සහකාර අධිපති සහ සංනිවේදන තාක්ෂණ අධ්‍යක්ෂ සාකච්ඡාවට එක්ව සිටියහ.

COVID-19 ව්‍යාප්තිය හමුවේ මුදල් සැපයුම පවත්වා ගැනීම සහ මූල්‍ය පහසුකම් සම්පාදනය පිළිබඳ මෙහෙයුම් කළමනාකරණය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ගෙන ඇති පියවර එහිදී විමර්ශනය කරනු ලැබීය.

විදේශ විනිමය අය වැය සහ බාහිර සංචිත කළමනාකරණයට අදාළ විෂයයන් කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ස්වෛරී බැඳුම්කර වල ආයෝජනය කරන්නන් තුළ උපරිම විශ්වාසය සහතික කිරීමට නිසි ක්‍රියාමාර්ග ගන්නැයි බැංකු නිලධාරීනට කියා සිටියේය.

සියලු බැංකු විවෘතව තබන ලෙස මහබැංකුවට දැනුම් දුන් ජනාධිපති රාජපක්ෂ මහතා COVID-19 උවදුරට පසු කාලය සඳහා ආර්ථික උපායමාර්ග සම්පාදනය කරන ලෙස ද උපදෙස් දුන්නේය.

මහා භාණ්ඩාගාර ලේකම්වරයා ද සාකච්ඡාවට සහභාගී විය.

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More