විදේශ පුවත්

දෙවන ලෝක සංග්‍රාමයේ උච්චතම අවස්ථාව. පැසිස්ට්වාදී ජර්මානු හමුදා ස්ටාලින්ග්‍රාඩ් නගරය අත් පත් කර ගැනීම සඳහා යෙදෙන්නේ දරුණු සටනක. නමුත් සෝවියට් හමුදාවන්ද ස්ටාලින්ග්‍රාඩ් නගරය ආරක්ෂා කර ගැනීම සඳහාද සටනේ යෙදෙන්නේ තම උපරිමයෙන්. වසර ගණනකට පසු ඇතිවුණු අධිකම හිම පතනය සහ සීතල ගෙන දුන් සීත කාලය. තරුණ සෝවියට් සෙබළුන්.

 විශිෂ්ට සෝවියට් ලේඛකයෙකු වූ යුරි බොන්දරේව් විසින් රචිත උණු හිම ග්‍රන්ථයේ කතාවයි මේ.

මේ ශ්‍රේෂ්ට සෝවියට් ලේඛකයා තම 97 වැනි වියේදී ඊයේ දිනයේදී මොස්කව් නගරයේදී රුසියානු ජනතාවගෙන් සහ සිය ජීවිතයෙන් සමු ගත්තා. යුරි බොන්දරෙවේ සෝවියට් දේශයේ අවසන් වසර කිහිපය තුලදී එවකට ජනාධිපති වූ ගොර්බචෙව් හට විරුද්ධව මතයන් දරමින් සෝවියට් දේශය බිඳ වැටීමේ ක්‍රියාවලියට විරුද්ධත්වය ප්‍රකාශ කර තිබුනා. එමෙන්ම 1994 වසරේ රුසියාව් විසින් පිරිනැමූ ජාතීන් අතර මිත්‍රත්වය වර්ධනය කිරීමේ රාජ්‍ය සම්මානය පවා ඔහු ප්‍රතික්ෂේප කළා.

උණු හිම Hot Snow(1969) නවකතාවට අමතරව ඔහු විසින් රචිත Young Commanders(1956), Battalion requests Fire(1957), The Last Volleys(1959), Silence(1964), Two(1964) සහ Beach(1975) යන නවකතා ඉතා ජනප්‍රියත්වයට පත්වුනා.

රුසියානු පුවත් පත් මේ පුවත සඳහන් කලේ සැබෑ පුරවැසියෙකුගේ නික්ම යාමක් යනුවෙන්. මේ ශ්‍රේෂ්ට ලේඛක යුරි බොන්දරෙව්ට නිවන් සුව පතමු.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More