දේශීය පුවත්

වත්මන් ආණ්ඩුව මේ රටේ ජනමතයට ඇහුම්කන් නොදී, ජාත්‍යන්තරයට ලබාදී ඇති පොරොන්දු ඉටු කිරීම සඳහා අත්තනෝමතික ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව යුතුකම සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග අවධාරණය කරයි.

රටේ සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා වළක්වා ගැනීමට ආණ්ඩුවට හැකියාවක් නැති නම් ඒ සඳහා ජාත්‍යන්තරය මැදිහත් විය යුතු බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සභාපතිවරයා කරන ලද ප්‍රකාශයෙන් රට තුළ මතුව ඇති අර්බුදය වඩාත් ඉස්මතු වන බවද ඔහු සඳහන් කළේය.
යුතුකම සංවාද කවය තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී ගෙවිඳු කුමාරතුංග මහතා මෙසේද පැවැසීය.

පසුගිය දිනවල මහනුවර දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවල සිදුවූ කලබලකාරී තත්ත්වයන් සහ සිද්ධීන් ගැන අපි අපේ කනගාටුව පළ කරනවා. මේ සම්බන්ධයෙන් රජයක් හැටියට වගකීමක් අරගෙන මේවා පිටුපස ඉන්නේ කවුද කියන එක රටේ ජනතාවට හෙළිදරව් කරලා ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ යුතුයි.

මේ ඇති වුණු සිදුවීම් මේ රටේ මුළු මහත් ජනතාවටම ඉතා අවාසනාවන්ත තත්ත්වයක්. රට තවත් ආපස්සට යන එක විතරයි මේ සිදුවීම්වලින් වෙන්නේ.
අපි දැක්කා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සභාපතිවරයා ප්‍රකාශයට පත් කරලා තිබ්බා ශ්‍රී ලංකාව මෙවැනි ක්‍රියා වළක්වා ගැනීමට අපොහොසත් වෙනවා නම් ශ්‍රී ලංකාවේ කටයුතුවලට ජාත්‍යන්තරය මැදිහත් විය යුතුයි කියලා.

මේ මවුබිම බෙදී වෙන්වීම සඳහා ගොඩනැඟෙන මතවාදවලට ජනතාව ඒකරාශී කරනවා වෙනුවට අපි කළ යුත්තේ ඒ මතවාද පරාජයට පත් කරන එක. අපි ඒවාට ඉදිරිපත් වීම තමයි මේ රට වෙනුවෙන් කළ යුතු වන්නේ.

වඳ පෙත්ත සම්බන්ධයෙන් ඇතිවුණු සිද්ධියේදී මේ රටේ දේශපාලකයන් ඒ සිදුවීම හාස්‍යයට ලක් කරලා විවිධ ප්‍රකාශ කරනවා අපි දැක්කා. නමුත් කළ යුත්තේ ජනතාව තුළ අනියත සැකයක් ඇතිවීම වැළැක්වීමට පියවර ගැනීමයි.

මේ ප්‍රචණ්ඩත්වය කියන දේ කුමන පැත්තෙන් කුමන විධියට ආවත් අපි ඒක හෙළා දකිනවා. මේ රටේ රාජ්‍ය නායකයන්ගේ යුතුකමක් තියෙනවා මේ රටේ ඓතිහාසික පදනම විකෘති කෙරෙන්නා වූ කටයුතුවලට ඉඩ නොදී ඒ කටයුතු නැවැත්වීමට වහාම මැදිහත් වෙලා ඒවාට විසඳුම් දීලා ජනතාවගේ සැකය, කෝපය ඇතිවීම තුරන් වෙන ලෙස කටයුතු කිරීමට.

අපි දැක්කා පසුගියදා මැල්කම් කාදිනල් රංජිත් පියතුමන් ඉතාමත්ම ඉහළ ආදර්ශයක් දුන්නා ආගම් අතර සහජීවනය පැත්තෙන්. දරණාගම කුසලධම්ම හිමියන්ගේ ආදාහන පූජෝත්සවය වෙලාවේ කාදිනල්තුමා ප්‍රකාශ කළා අපිව පෙර යටත් කරගෙන හිටපු පිරිස්වලට වෙනත් මාර්ගවලින් නැවතත් ඒ ස්වාධීනත්වය ලබා ගැනීම සඳහා කලබලකාරී කටයුතු ඔස්සේ ඉඩ සැලැස්සීමෙන් වැළැකිය යුතුයි කියලා. ඒක මේ රටේ සෑම ආගමිකයෙක් විසින්ම තමන්ගේ හදවතට කරපු ආමන්ත්‍රණයක් විධියට දැකලා පිළිගැනීම අවශ්‍යයි කියලා අපි කියනවා.

ඒ වගේම තමයි මහ බැංකු හොරකම සම්බන්ධයෙන් සිදුවීමේදී අවම වශයෙන් අද වන තෙක් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගෙන් මහ බැංකුවවත් ස්වාධීන කරන්න කටයුතු කළේ නැහැ. පෙබරවාරි 10දා පළාත් පාලන මැතිවරණයේදී අති දැවැන්ත මහජන මතයක් ප්‍රකාශයට පත් වුණා මේ රජයේ සියලු ආකාරයේ ක්‍රියාකාරකම්වලට එරෙහිව. ඒ ජනමතය අනුව සලකා බලනවා නම් ඉතාම පැහැදිලිව අගමැතිවරයාට ලැබුණු 33%ක් වන ඡන්ද ප්‍රමාණය ගැන සලකා බලලා අගමැතිකමින් ඔහු ඉවත් විය යුතුව තිබෙනවා. මේ ආණ්ඩුව වහාම වෙනස් විය යුතුව තිබෙනවා.

එදා රාජාංගණයේ ගොවියන්ට පහර දීම අපි හෙළා දකිනවා. ලෝකේ කිසිම රටක ගොවියන්ට පහර දෙන්න කටයුතු කරන්නේ නැහැ. ගොවීන් කියන්්නේ ඉතාම නිහඬ ජීවිත ගත කරන අහිංසක මිනිස්සු.

පෙබරවාරි 10දා ජනතාව ලබාදුන් ජන මතය නොතකා මේ ආණ්ඩුව ඉතාමත්ම වේගයෙන් ඔවුන්ගේ ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. ඔවුන් ජාත්‍යන්තරයට දීලා තියෙන පොරොන්දු ඉෂ්ට සිද්ධ කිරීමේ ප්‍රයත්නයක තමයි ඒ නිරත වෙලා ඉන්නේ කියලා අපි පැහැදිලිව කියනවා. මේ තත්ත්වය රටක් විධියට ඉතාම ශෝචනීය තත්ත්වයක්. 1983 වගේ මේ රට නැවත ආපස්සට ගෙනියන්න කටයුතු කරන්න එපා කියලා අපි ආණ්ඩුවට කියනවා.

අපි රටේ ජනතාවට කියනවා මොනම තත්ත්වයක් යටතේවත් ප්‍රචණ්ඩ වෙන්න එපා කියලා. ප්‍රචණ්ඩත්වයට එරෙහි වෙලා මේ සමාජය සාමකාමීව පවත්වාගෙන යන්න කටයුතු කරන්න.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More