දේශීය පුවත්

ශ්‍රී ලංකාව මේ වන විට කොවිඩ් 19  ව්‍යාප්තියේ 3A අවදියට පිවිස තිබේ. එහි හතරවැනි අවදිය වන්නේ ගම්මානයකින් රෝගීන් කිහිප දෙනකු වාර්තා වීමයි.

ශ්‍රී ලංකාවෙන් පළමු කොවිඩ් 19 ආසාදිතයා හමුවී අදට මාස දෙකකුත් දින හතරක් වෙයි. එම කාලය තුළ රෝගීන් දිවයිනේ  විවිධ ප්‍ර දේශවලින් වාර්තා වූ අතර පුද්ගලයින් දෙදෙනකු ද එම රෝගයෙන් මිය ගියේය.

වෛද්‍යවරුන් පවසන්නේ, ශ්‍රී ලංකාව මේ වන විට කොවිඩ් 19  ව්‍යාප්තියේ 3A අවදියේ සිටින බවයි. 3A යනු එකම නිවසකින් රෝගීන් කිහිපදෙනකු වාර්තා වීමයි.

ගම්මානයකින් රෝගීන් කිහිපදෙනකු වාර්තාවීම 3B ලෙස හැඳින් වෙයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් යොමු කරන ලද මාධ්‍ය නිවේදනයකට අනුව  වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසා ඇත්තේ, නිවාසිතව ආසාදිතයින් පොකුරු වශයෙන් මෙම අවදිය දැකි බවත් මෙයට ප්‍රතිචාර නොදැක්වුවහොත් ඉදිරිය කණගාටුදායක විය හැකි බවයි.

වෛද්‍යවරයා පවසන්නේ, සිව්වැනි අදියර ඉතාමත්ම භයානක තත්ත්වයක් බවයි.

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More