වත්මන් ආණුඩුවට එරෙහිව ගොඩනැගෙන විරෝධය ෆේස්බුක් තහනම් කිරීම තුළින් කිසිදු ලෙසකින් යටපත් කිරීමට නොහැකි බවත් මෙවැනි සිසුවීම්වලින් සිදුවෙන්නේ රටේ පොදු මහජනතාව තවදුරටත් ආණ්ඩුවෙන් ඈත්වීම බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේය.
ජාතිවාදී හැඟීම් පාලනය කිරීමට අවශ්‍ය බව ප්‍රකාශ කරමින් ෆේස්බුක් තහනම් කිරීමෙන් ආණ්ඩුව සිදුකරනු ලබන්නේ ආණ්ඩු විරෝධි ජනමතය යටපත් කිරීමට බවත් ජාතිවාදී හැඟීම් ඇවිස්සීම හා ආණ්ඩුවිරෝධය අතර වෙනස කුමක්ද කියා ආණ්ඩුව තේරුම් ගත යුතු බවත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය, තොරතුරු දැනගැනීමේ අයිතිය ගැන මහ ලොකුවට කෑගහපු වත්මන් ආණ්ඩුව සහ ඔවුන්ට පක්ෂපාතීව කටයුතු කළ ඇතැම් සංවිධාන වත්මන් ෆේස්බුක් තහනම හමුවේ මුනිවත රැකීම පුදුමයට කරුණක් නොවන බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.
2015 ජනවාරි 08 වැනිදාට පෙර ෆේස්බුක් ඇතුළු සමාජ ජාල මගින් තමා ඇතුළු රාජපක්ෂවරුන්ට මඩ ප්‍රහාර එල්ල කරමින් පහරපිට පහරදෙද්දී තමා ෆේස්බුක් වලට අත නොතැබූ බවත් හිටපු ජනාධිපතිවරයා සිහිපත් කරයි.
ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදී සංවිධානය පරාජය කරන විටදීපවා තමා මාධ්‍ය පාලනය කිරීමටත් ෆේස්බුක් වාරණය කිරීමටත් පියවර නොගත් බව පෙන්වා දෙන මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ තමා ලබාදුන් ප්‍රජාතන්ත්‍රවාදී නිදහස වත්මන් ආණ්ඩුව නැතිකරමින් තිබෙන බවයි.
ජාතිවාදී ගැටුම් ඇතිවීමට බලපාන කරුණුවලට විසදුම් ලබාදීම වෙනුවට ආණ්ඩුව ෆේස්බුක් තහනම් කරමින් සිදුකරනු ලබන මෙම ක්‍රියාවලිය අසත්‍ය කටකතා ප්‍රචාරයවීමට අන්බලදීමක්ද වන අතර රටේ ආර්ථිකයට මෙන්ම කීර්තිනාමයටද මෙය අහිතකර ආකාරයෙන් බලපාන නිසා ෆේස්බුක් තහනම ඉවත්කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...