ලෝකයේ රටවල් 200 කට වැඩි ගණනකින් මේ වන විට නව කොරෝනා ආසාදිතයන් වාර්තා වී අවසන් ය. නමුත් රටවල් කිහිපයක් තවමත් මෙම වෛරසයෙන් ආරක්‍ෂා වී සිටින ආකාරයක් ද දැකිය හැකි වේ.
ඒ අතරින් වැඩි අවධානයක් යොමු වන රටක් වන්නේ උතුරු කොරියාවයි. තම රට තුළින් ආසාදිතයන් හමු වී නැති බව උතුරු කොරියාව පැවසුවත් දකුණු කොරියාවෙහි ඇතැම් පාර්ශ්ව පවසන්නේ එය සැබෑ තත්ත්වය නොවන බවයි. එම පාර්ශ්වවල අදහස වන්නේ චීන දේශ සීමාවෙහි පිහිටි උතුරු කොරියාව තුළ ආසාදිතයන් සිටින බවයි.
උතුරු කොරියාව දැඩි මාධ්‍ය පාලනයක් පවතින, පිටස්තර ලෝකයට විවෘතභාවයක් නොදක්වන රටක් නිසා එහි පවතින සැබෑ තත්ත්වය පිටතට අනාවරණය නොවන බව ද මෙහිදී පෙන්වා දෙනු ලැබේ. මේ අතර තවත් සමහරුන් පවසන්නේ උතුරු කොරියාව ලෝකයෙන් හුදෙකලාව පවතින රටක් නිසාම එහි වෛරසය ව්‍යාප්ත නොවීමට ඉඩක් ඇති බවයි.
තවමත් ආසාදිතයින් වාර්තා නොවූ රටවල් අතර අප්‍රිකානු රටවල් කිහිපයක් ද තිබේ. මාර්තු 31 වැනි දා වන විටත් බුරුන්දි, බොට්ස්වානා, මලාවි, කොමොරොස්, සියරා ලියොන්, දකුණු සූඩානය වැනි රටවලින් ආසාදිතයන් පිළිබඳ වාර්තා වී නොතිබිණි. මෙම රටවලින්
ආසාදිතයන් හමු නොවීමට හේතුව ඒවායේ වෛද්‍ය පරීක්‍ෂණ නිසි ආකාරයෙන් සිදු නොවීම විය හැකි බවට ද අදහස් පළවෙමින් තිබේ. යේමනය, සොලොමන් දූපත් සහ වනුවාතු වැනි රාජ්‍යයන්ගෙන් ද තවමත් ආසාදිතයන් ගැන වාර්තා වී නොමැත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...