සැක කටයුතු එහෙත් රොග ලක්ෂණ නොපෙන්වන රෝගීන් වහාම පරීක්ෂණ වලට භාජනය කිරීමේ තීන්දුව පමාවීමට හේතුව කුමක් දැයි පූජ්‍ය හෑගොඩ විපස්සි හිමිපාණෝ විමසති.
ලාංකා ලීඩ් සමඟ දුරකථනයෙන් සම්බන්ධ වූ උන්වහන්සේ සඳහන් කරන්නේ එම පරීක්ෂණ කිරීම සඳහා රජයේ රෝහල් වල පහසුකම් ප්‍රමාණවත් නොමැති නම් වහාම පෞද්ගලික රෝහල් 05ක තිබෙනවා යැයි කියන පරීක්ෂණාගාර රජයේ අධීක්ෂණය යටතට පවරා ගත යුතු බවය.
බුද්ධ දේශනාවට අනුව රෝගයක් හංගන විට, උපදෙස් පිළිනොපදින විට සහ තත්වයන් නිවැරදිව අවබෝධ කර නොගන්නා විට රෝගයක් පාලනය කර ගත නොහැකි බව අවධාරණය කරන උන්වහන්සේ තවදුරටත් සඳහන් කළේ මහජනයා පවතින තත්වයේ බරපතලකම අවබෝධ කොට ගෙන තමාගේ චර්යාවන් විශේෂයෙන්ම පරිභෝජන සංස්කෘතිය වෙනස්කර ගත යුතු බවය.
තවදුරටත් ගාථා පාඨයක් උපුටා දක්වමින් උන්වහන්සේ සඳහන් කළේ ” යමෙකුගේ ඥාණ ශක්තිය හඳුනාගත හැක්කේ ආපදාවකට පත්වූ විට ඊට පිළියම් සොයන ආකාරය අනුව බවය. ”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...