විදේශ පුවත්

අමෙරිකා එක්සත් ජනපදය තුළ දෛනිකව වාර්තා වන COVID-19 වෛරසය ආසාදනයෙන් වන මරණ සංඛ්‍යාව දිනපතා ඉහළ යන තත්වයක් තුළ රෝහල් සහ මිනී කාමර මළ මිනී වලින් පිරී ඉතිරී යමින් පවතී. මේ තත්වය තුළ පෙන්ටගනය මිනී ඔතන මලු ලක්ෂයක් සපයා ගැනීම වෙනුවෙන් ආධාර උපකාර කරන ලෙස ඉල්ලා සිටියි.

ආරක්ෂක දෙපාර්තමේන්තුව මීට ප්‍රථම යුද්දයේදී මියයන සෙබළුන්ගේ මළ මිනී අසුරන මලු පනස්දාහක් හදිසි අවස්ථා කළමනාකරණ ෆෙඩරල් ඒජන්සියට(  Federal Emergency Management Agency -FEMA ) සපයා තිබුනද එම ආයාතනයට එවැනි මලු තව තවත් අවශ්‍යය බව පවස තිබුණි. මේ සම්බන්ධයෙන් පෙන්ටගනය මාධ්‍ය ආයාතන කිහිපයක්ම දැනුවත් කර තිබුණි.

අමෙරිකානු රජය ඊයේ දිනයේදි COVID-19 වෛරසය ආසාදනයෙන් මරණ 884ක් බදාදා(01 ) දිනයේ දී වාර්තා වීමත් අමෙරිකානු එක්සත් ජනපද ප්‍රාන්ත 50 තුළම නව රෝගීන් 25000ක් වාර්තාවීමත් නිසා හදිසි අවස්ථා කළමනාකරණ ෆෙඩරල් ඒජන්සිය මෙසේ මධ්‍යම රජයට ඉල්ලීම් කළ බව මාධ්‍යය වාර්තා පවසා සිටී. ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ නවතම වාර්තාවන්ට අනුව අමෙරිකාව තුළ COVID-19 වෛරසය ආසාදිතයින් 215000ක් ඇතැයි පැවසේ.

 

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com


Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More