හේනේගම ගහටාන මුත්තෙටුවත්තේ නිවසක ඝාතනය කරන ලද 28 හැවිරිදි මවකගේ හා අවුරුදු 3ක දියණියකගේ සිරුර හා නිවසේ වහළයේ එල්ලීම මියගොස් සිටි ගෙහිමි සැමියාගේ සිරුර ඊයේ 01දා සවස 3.00ට පමණ හමුවූ බව මල්වතුහිරිපිටිය පොලීසිය කියයි.
බිරිද හා දියණිය ඝාතනය කොට සැමියාද දිවිනසාගෙන ඇති බව පොලීසිය සැක කරයි.
නිවසේ ඇද මත තිබු බිරිදගේ සිරුරෙහි තියුණු කැපුම් තුවාල ඇති බවත් දියණියෙග් ගෙල ප්‍රෙද්ශයේ සීරිම් සළකුණු ඇති බවත් පොලීසිය සදහන් කරයි.
එච්.ජී. දිල්රුක්ෂි වික්‍රමසිංහ (28) හා කේ.කේ. ෂනුදි සාවින්ද්‍යා (03) මෙසේ ඝාතනයට ලක්ව තිබිණි. ගෙහිමි සැමියා වූ සමන් පත්මසිරි (37) සැමියා සිය දිවි නසාගෙන තිබේ. මෙම ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඔවුන්ගේ පශ්චාත් මරණ පරික්ෂණ ගම්පහ රජයේ රෝහලේ දී අද (02) දා සිදුකිරීමට නියමිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...