වසංගත රෝග විද්‍යා අංශය ඊයේ(01 ) දිනයට අදාලව අද දිනයේ(02 ) උදෑසන 10:00ට නිකුත් කළ වාර්තාවට අනුව අප්‍රේල් 01 වනදා ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ COVID-19 වෛරසය ආසාදිතයින් ගනන පස් දෙනෙකි. මෙය මාර්තු 31 වන දිනට සාපේක්ෂව COVID-19 වෛරසය ආසාදිතයින් 16 දෙනෙකුගේ අඩුවීමකි. කෙසේ වුවද ආසාදිතයන් තිදෙනෙකු මේ වන විට ශ්‍රී ලංකාව තුළ මිය ගොස් ඇත.
සමස්ත ලෝකය තුළ ඊයේ දිනයේ දී COVID-19 වෛරසය ආසාදිතයින් 72736 දෙනෙකු අළුතින් වාර්තා වූ අතර එය මාර්තු 31 වනදාට වඩා ආසාදිතයන් 15126 ක වැඩිවීමකි. අමෙරිකා එක්සත් ජනපදය තුළ අප්‍රේල් 1වනදා ආසාදිතයන් 22559ක් වාර්තා වූ අතර එය මාර්තු 31 වනදාට වඩා ආසාදිතයන් 4572ක වැඩිවීමකි.
එක්සත් රාජධානිය අප්‍රේල් 1 වනදා ආසාදිතයන් 3009 ක් වාර්තා කළ අතර එය මාර්තු 31 වනදාට වඩා ආසාදිතයන් 390ක වැඩි වීමකි.එසේම ඉතාලියෙන් වාර්තාවුයේ ආසාදිතයින් 4053ක් පමණක් වන අතර එය පෙර දිනට වඩා රෝගීන් 3න් දෙනෙකුගේ වැඩිවීමකි. ඊයේ දිනය වන විට ලෝකයේ රටවල් 204කින් COVID-19 වෛරසය ආසාදිතයින් 823626 ක් වාර්තා වී ඇති අතර වෛරසය ආසාදනය හේතුවෙන් මරණ 40598ක් වාර්තා වී තිබේ.
මෙතෙක් COVID-19 වෛරසය ආසාදනයෙන් මියගිය ලාබාලම දරුවා අමෙරිකා එක්සත් ජනපදයේ කනෙක්ටිකට් (Connecticut ) ප්‍රාන්තයෙන් වාර්තා වූ අතර එය වයස සති 6ක් වූ ළදරුවකුගේ මරණයකි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...